පෙට්‍රල් කොන්ත්‍රාත්තුවක් සිංගප්පූරුවේ Vitol Asia වෙත

    April, 8, 2025

    2025‑04‑15 සිට 2025‑10‑14 දක්වා මාස හයක කාලයක් සඳහා පෙට්‍රල් 92 Unl බැරල් 300,000+/-5%ක් බැගින් වූ නැව් තොග 05ක් මිල දී ගැනීම සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ලියාපදිංචි සැපයුම්කරුවන්ගෙන් ලංසු කැඳවා තිබේ.

    ඒ සඳහා සැපයුම්කරුවන් 07 දෙනෙකු ලංසු ඉදිරිපත් කර ඇත.

    ස්ථාවර තාක්ෂණික ඇගයීම් කමිටුවේ සහ අමාත්‍ය මණ්ඩලය විසින් පත් කළ විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත පදනම්ව සාරානුකූලව ප්‍රතිචාර දක්වා ඇති අවම ලංසුකරු වන සිංගප්පූරුවේ M/s Vitol Asia Pte. Ltd, වෙත එකී ප්‍රසම්පාදනය පිරිනැමීම පිණිස බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.