ලංකා බෙල් 4G, 15,000 ක ගෘහස්ථ හා ව්‍යාපාරික පාරිභෝගික කඩඉම පසු කරයි

    July, 4, 2016

    ශ්‍රී ලංකාවේ විශාලතම රැහැන් රහිත ස්ථාවර දුරකථන ක්‍රියාකාර සමාගම වන ලංකා බෙල් තවත් සාර්ථක කඩඉමක් පසු කරමින් BELL 4G වෙළඳ නාමය යටතේ තම නවතම 4G LTE ඩිජිටල් ජාල ආරම්භ කරමින් ගෘහස්ථ හා ව්‍යාපාරික පාරිභෝගික අන්තර්ජාල සම්බන්ධතා 15,000 ක් ලබා දීම සනිටුහන් කළේය.

    මෙම සුවිශේෂී අවස්ථාව පිලිබඳ අදහස් දක්වමින් ලංකා බෙල් හි කළමනාකාර අධHක්ෂක ආචාර්ය ප්‍රසාද් සමරසිංහ මහතා පòකාශ කර සිටියේ "ලංකා බෙල් හට මෙම සුවිශේෂී කඩඉම පසු කිරීමට හැකි වූයේ අප පාරිභෝගිකයාට ලබා දෙන උසස් තත්වයේ සේවාවත්, පාරිභෝගිකයාට අන්තර්ජාල පාවිච්චියේදී ගිගා බයිට් 1ක් (1GB) සඳහා රු. 19ක් වැනි වෙළඳපොල තුළ ලබා ගත හැකි අවම අන්තර්ජාල ගාස්තු සමග වන ආකර්ශනීය පැකේජ අප විසින් ලබාදීමෙන් ඔවුනට අප ලබා දෙන සහනදායි අත්දැකීමත් නිසායි ".

    2014 වසරේ ඇරඹි ලංකාබෙල් 4G සේවාව, ප්‍රථමයෙන් කොළඹ ප්‍රදේශය ආවරණය වන පරිදි මෙගා හර්ට්ස් 2300 (2300MHz ) ක තරංග වලින් යුත් ආවරණ පද්ධතියක් දියත් කල අතර එම වසරේදීම මුළු බස්නාහිර පළාතම ආවරණය කිරීම ඔවුනට හැකි විය.

    බෙල් 4G අද වන විට දිවයිනේ පòධාන නගර සියල්ලක්ම ආවරණය කරමින් මෙරට වේගයෙන්ම වර්ධනය වන 4G ජාලය හරහා තම පාරිභෝගිකයන්ට සේවා සපයයි.

    4G LTE තාක්ෂනය 3G තාක්ෂණයට වඩා 5 ගුණයක් පමණ වේගවත් වන අතර දිනෙන් දින වැඩි වන පාරිභෝගිකයන් සංඛ්‍යාවට සරිලන උසස් තත්වයේ සේවා සපයමින් 4G ජාලය වැඩි දියුණු කිරීමට ලංකා බෙල් නිරන්තරයෙන් කටයුතු කරයි

    ගිගාබයිට් 50 (50GB) කින් යුත් ස්ටාර්ට පැකේජය රු.950 කටද, ගිගා බයිට් 70 (70GB) කින් යුත් ඉන්ට්‍රි පැකේජය රු. 1350 කටද, ගිගා බයිට් 140 (140GB) කින් යුත් ෆැමිලි පැකේජය රු.3500 කටද ලබා ගත හැක.

    ආචාර්ය සමරසිංහ මහතා තවදුරටත් කරුණු දක්වමින් කියා සිටියේ "බෙල් 4G ïබòdaඩ් බෑන්ඩ් පැකේජයකින් එක්වර 20 දෙනෙකුට අන්තර්ජාලයට පිවිසිය හැකි බැවින් ගෘහස්ථ හා කුඩා පරිමාණ වHdපාරයන් සඳහා මෙය කදිම විකල්පයක් ලෙස හඳුන්වා දෙන්න පුළුවන්. " යන්නයි.

    මෙම යෝජනා ක්‍රමය යටතේ පාරිභෝහිකයා පැකේජයක් ගෙන අවුරුද්දක් පිරුන පසුව එළඹෙන මස සිට අවුරුද්දක් යනතුරු අමතර ගිගා බයිට් 5 ක් (5GB) නොමිලේ ලබා දෙන අතර ඉන්පසු එළඹෙන සෑම වසරකටම අමතර ගිගා බයිට් 2 ක (2GB) පòමාණයක් නොමිලේ එකතු වන ඇත. මෙසේ පළමු අවුරුද්දෙන් පසුව එළැඹෙන ඉතිරි අවුරුදු 3 සඳහා නොමිලේ අමතර ගිගා බයිට් 2 (2GB) බැගින් එකතු වූ විට, වසර 4ක් අවසානයේ දී පාරිභෝගිකයා හට අමතර ගිගා බයිට් 11ක් (11GB) නොමිලේ ලැබී ඇත.

    "දිවයින පුරා වHdප්ත 4G වෙළඳපොල, නව තාක්ෂණය හා නවHතාවයන්හි ප්‍රමුඛත්වය පමණක් නොව රටේ ඩිජිටල් ප්‍රතිපත්ති අනුව යමින් ශ්‍රී ලංකාව තුල අන්තර්ජාලයට පòවේශ වීමට ශ්‍රී ලාංකිකයන්ට වැඩි හැකියාවක් ලබා දීමට කටයුතු කරනවා." යැයි අචාර්ය සමරසිංහ මහතා වැඩි දුරටත් පවසයි

    ජාතHන්තර විශේෂඥ දැනුමකින් හා දැඩි කැපවීමකින් තම සේවාවන් ලබා දෙන ලංකා බෙල් වෘත්තිකයන් ලංකාව පුර විසිරී සිටින තම පාරිභෝගිකයන්ට සුවිශේෂී මිලකට අන්තර්ජාල සේවා පහසුකම් ලබා දෙයි. 2005 වසරේ දී CDMA තාක්ෂණය මෙරටට හඳුන්වා දුන් රැහැන් රහිත ස්ථාවර දුරකථන සේවාවේ පුරෝගාමීන් ලෙස අද වන විට ගòdමීය ජනතාව ඇතුළු මිලියන 1 කට වඩා වැඩි පාරිභෝගිකයන් පිරිසකට CDMA සබඳතා ලබාදෙමින් වෙළඳපොල පòමුඛයන් බවට පත් වී ඇත.

    බෙල් 4G සේවාවන් හරහා 4G LTE තාක්ෂණය තවදුරටත් දියුණු කරමින් ලංකා බෙල් තම ඉදිරි පියවර තබයි. ලංකා බෙල් හි අනෙත් පòධානම ඉදිරිපත් කිරීම බෙල් වHවසාය විසඳුම් තාක්ෂණය (Bell Enterprise Solutions Technology ) වේ. මෙය හඬ (voice), පෙළ (text), දත්ත (data) හා අන්තර්ජාල දත්ත මධHස්ථාන (IDC) සමග වHවසාය විසඳුම් ලබා දෙන විශේෂඥ සේවාවකි. එමෙන්ම FLAG සබ්මැරීන කේබල් ජාලයේ ශ්‍රී ලාංකීය නියෝජිතයා වනුයේද ලංකා බෙල් සමාගමයි. රටක් ලෙස ශ්‍රී ලංකාව ජාතHන්තර සබඳතාවන්හි විවිධත්වය අත්දැකීම සඳහා රුපියල් බිලියන 3 ක ආයෝජනයකින් තමන්ටම අයත් කේබල් පද්ධතියක් ලංකා බෙල් විසින් ස්ථානගත කර තිබේ.

    ඡායාරූපය : ශ්‍රී ලංකා විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවේ අධHක්ෂ ජනරාල් සුනිල් එස් සිරිසේන (වම් කෙළවර) මහතා බෙල් කළමණාකාර අධ්‍යක්ෂක ප්‍රසාද් සමරසිංහ මහතා හට (දකුණුපස) සුභ පැතුම් පිරිනැමූ අවස්ථාව. එමෙන්ම ලංකා බෙල් සමාගමේ අලෙවි හා විකුණුම් සාමානHdධිකාරි රිෂාඩ් මන්සූර් මහතා (දකුණු කෙළවර) ද වේ.