April, 17, 2025
අප්‍රේල් මාසයේ පළමු දින 15 තුළ දී 93,915ක සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇත.
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සිය නවතම දත්ත වාර්තාවන් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ 2025 වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 816,191ක් බවයි.
අප්‍රේල් මාසයේ පළමු දින 15 තුළ 7,585ක වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණි දිනය ලෙස අප්‍රේල් 12 වන දා වාර්තා වී ඇත.
එලෙසම එම කාල සීමාව තුළ වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇති රට ඉන්දියාව වන අතර එම සංඛ්‍යාව දැක්වෙනුයේ 18,220ක් ලෙසයි.
මීට අමතරව එක්සත් රාජධානියෙන් සංචාරකයින් 11,425ක්, රුසියාවෙන් 8,705ක් සහ ජර්මනියෙන් 7,746ක් ලෙස වැඩි වශයෙන් සංචාරකයින් මෙරටට පැමිණ ඇත.



Video Story