විශ්වාසය සුරැකීම පළමු කාර්යයි – මහ බැංකු අධිපති VIDEO

    July, 6, 2016

    ශ්‍රී ලංකා මහ බැංකුවේ කීර්තිනාමය හා විශ්වාසනීයත්ය රැක ගැනීම තම ප්‍රමුඛ කාර්යය බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පැවසීය. ඒ මහතා මේ බව සඳහන් කළේ ඊයේ පස්වරුවේ දී මහ බැංකු අධිපතිවරයා ලෙස සිය පළමු මාධ්‍ය හමුවට එක්වෙමිනි.

    “ශ්‍රී ලංකා මහ බැංකුව ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ ආයතනයක්. මෙම පත්වීමේ දී අභියෝග රැසකට මුහුණ දෙන්න සිදුවෙනවා. මාගේ දැක්ම අනුව මෙය හොඳ අවස්ථාවක්. ශ්‍රී ලංකාවට රටක් ලෙස විශාල පියවරක් ඉදිරියට යන්න අවස්ථාව උදාවෙලා තිබෙනවා“, යැයි ඒ මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

    මහ බැංකු අධිපතිවරයා මාධ්‍ය හමුවේ දී දැක්වූ සම්පූර්ණ අදහස් පහතින් නැරඹිය හැකිය.

    https://www.youtube.com/watch?v=7PU8JkQQHtA

    Video Story

    Stock Market

    Exchange Rates