September, 9, 2026
මැදපෙරදිග කලාපයේ පවතින තත්ත්වයන් සහ එහි බලපෑම සැලකිල්ලට ගනිමින්, කොළඹ සහ ඩුබායි අතර සිය ගුවන් ගමන් සේවා පසුගිය සැප්තැම්බර් 6 වනදා සිට තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව FitsAir ගුවන් සේවය නිවේදනය කර සිටී.
කලාපයේ සිදුවන ඉදිරි වර්ධනයන්ට යටත්ව, 2026 නොවැම්බර් මාසය වන විට මෙම ගුවන් ගමන් සේවාවන් නැවත ආරම්භ කිරීමට දැනට අපේක්ෂා කරන බව එම සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.
මෙම තීරණය හරහා ගුවන් මගීන්ට සිදුවිය හැකි අපහසුතාව පිළිබඳව කණගාටුව පළකරන සමාගම, මෙම කාලසීමාව තුළ මගීන් දක්වන ඉවසීම සහ අවබෝධය අගය කරන බවත්, නුදුරේදීම නැවතත් සිය සුපුරුදු සේවා ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවත් ප්‍රකාශ කරයි.
Video Story