April, 25, 2025
ශ්රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව (IRCSL), ප්රවාහන හා මහාමාර්ග අමාත්යාංශය සහ ප්රවාහන ක්ෂේත්රයේ ප්රධාන පාර්ශවකරුවනගේ සහයෝගීතාවය සහිතව මෝටර් වාහන අනතුරු හේතුවෙන් මරණයට හෝ ස්ථිර අබලතා තත්ත්වයකට භාජනය වන තුන්වන පාර්ශවීය වින්දිතයන්ට වන්දි ලබා ගත හැකි විකල්ප ක්‍රමවේදයක් හදුන්වාදෙන ලදී. වගකීම් භාර ගැනීමකින් තොරව වන්දි ලබාදීමේ මෙම නව්‍ය යෝජනා ක්රමය ශ්රී ලාංකීය රක්ෂණ ක්ෂේත්රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරයි.
මෙම යෝජනා ක්රමය යටතේ වන්දි ලබා ගැනීමට සුදුසුකම් ලබන්නේ කවුද?
2024 මාර්තු පළමු දින හෝ ඊට පසුව සිදු වන මෝටර් වාහන අනතුරු හේතුවෙන් මරණයට හෝ ස්ථිර අබලතා තත්ත්වයකට භාජනය වන තුන්වන පාර්ශවීය වින්දිතයන් හෝ ඔවුන්ගේ නීත්‍යානුකූල උරුමකරුවන්, ප්‍රධාන වශයෙන් පදිකයින් සහ පාපැදිකරුවන් මෙම යෝජනා ක්රමය යටතේ වන්දි ලබාගැනීම සඳහා සුදුසුකම් ලබයි.
මෙම යෝජනා ක්රමය යටතේ වන්දි ලබා ගැනීමට සුදුසුකම් නොලබන පාර්ශ්වයන් කවුරුන්ද?
වන්දි ගෙවීම සිදුකරන්නේ කවුරුන් විසින්ද?
අනතුර සිදු කළ මෝටර් වාහනය රක්ෂණය කර ඇති රක්ෂණ සමාගම විසින් වන්දි ලබා දෙනු ලැබේ. එමෙන්ම, අදාළ අනතුර සිදුකල මෝටර් වාහනයට අවම වශයෙන් ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ ලියාපදිංචි සාමාන්‍ය රක්ෂණ සමාගමක් විසින් නිකුත් කරන ලද තුන්වන පාර්ශවීය මෝටර් වාහන රක්ෂණයක් තිබීම අනිවාර්යය වේ.
වන්දි ලබා ගැනීම සඳහා අයදුම් කරන්නේ කෙසේද?
ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව විසින් නිකුත් කරන ලද 2024 චක්රලේඛ අංක 03 හි දක්වා ඇති අයදුම්පත සම්පූර්ණ කර එහි සඳහන් කර ඇති අවශ්ය ලියකියවිලි සමඟ එකී අදාළ රක්ෂණ සමාගමට භාරදිය යුතුය. එම අයදුම් පත්රය තුන්වන පාර්ශවීය වින්දිතයා හෝ ඔහුගේ/ඇයගේ නීත්‍යානුකූල උරුමකරුවන් විසින් අයදුම් කළ යුතුය.
වන්දි ගෙවන්නේ කාටද?
තුන්වන පාර්ශවීය වින්දිතයාට හෝ ඔහුගේ/ඇයගේ නීත්යානුකූල උරුමකරුවන්ට වන්දි ගෙවනු ලැබේ.
වන්දි මුදල කොපමනද?
මරණයකදී රුපියල් ලක්ෂ පහක් (රු. 500,000/-) ද, ස්ථීර අබලතා තත්ත්වයකදී රුපියල් ලක්ෂ පහක (රු. 500,000/-) උපරිමයකට යටත්ව, මේ සම්බන්ධයෙන් නිකුත් කර ඇති චක්‍රලේඛයේ සඳහන් ප්‍රතිශතයන්ට යටත්ව ගෙවීම් සිදුකරනු ලබයි.
වන්දි ලබා ගැනීම සඳහා අදාළ වන කොන්දේසි මොනවාද?
මෙම යෝජනා ක්රමය යටතේ වන්දි ලබා ගැනීමෙන් පසු පුද්ගලයෙකුට අධිකරණයෙන් වන්දි ඉල්ලා සිටිය හැකිද?
ඔව්. මෙම විකල්ප වන්දි ක්‍රමය යටතේ වන්දි ලබාගත් වින්දිතයෙකුට හෝ ඔහුගේ/ඇයගේ නීත්‍යානුකූල උරුමකරුවෙකුට සිදු වූ හානියට සාපේක්ෂව ලබාගත් වන්දි මුදල ප්‍රමාණවත් නොවන බව හැඟී යන අවස්ථාවක නිසි වන්දි මුදලක් ලබාගැනීම සඳහා අධිකරණය හරහා එම අනතුරට අදාළව නඩුකරයක් ගොනු කිරීමේ හැකියාව ඇත.
අදාළ අයදුම්පත්‍රය සහ විකල්ප වන්දි යෝජනා ක්‍රමය (OCS) සම්බන්ධ සම්පූර්ණ විස්තර ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව (IRCSL) විසින් නිකුත් කරන ලද 2024 අංක 03 චක්‍රලේඛයෙන් ලබා ගත හැක. කරුණාකර වැඩි විස්තර සඳහා IRCSL වෙබ් අඩවිය http://www.ircsl.gov.lk/ වෙත පිවිසීම හෝ අපගේ ක්ෂණික ඇමතුම් අංකය 011-2396188 අමතන්න.

Video Story