July, 6, 2016
පාරිභෝගික භාණ්ඩ වෙළඳ පළේ මෙරට ප්රමුඛයා වන සිංගර්, දකුණු ආසියානු කලාපයේ සංවර්ධනය වෙමින් පවතින වෙළඳ සමූහයේ, DELL සඳහා වූ හොඳම බෙදාහැරීම් සහකරු සම්මානයෙන් පිදුම් ලබයි.පිලිපීනයේ මැනිලා නුවර පැවති DELL South Asia and Korea Channel Summit 2016 හිදී මෙම සම්මානය හිමිකර ගැනීමට සිංගර් ශ්රී ලංකා සමත්විය. මෙම සම්මානය දකුණු ආසියානු කලාපයේ සංවර්ධනය වෙමින් පවතින වෙළඳ සමූහයේ (South Asian Developing Marketing Group - SADMG) හොඳම දක්ෂතා දක්වන සමාගම් සඳහා පිරිනැමෙන අතර ආදායම, කැපවීම සහ සමස්ත දායකත්වය යන කරුණු සැලකිල්ලට ගෙන ඉන් කලාපීය වශයෙන් ප්රමුඛස්ථානය ලබාගන්නා සමාගමට පිරිනමනු ලබයි. මේ අනුව සිංගර් විසින් මෙම සම්මානය හිමිකරගැනීම DELL South Asia and Korea Channel Summit 2016 හිදී ශ්රී ලාංකික සමාගමක් ලද ඉතා විශේෂ අවස්ථාවක් වේ.
2014 වසරේ සිට සිංගර් DELL සමඟ සහයෝගයෙන් කටයුතු කරන අතර මෙම සහයෝගීතාව ඇරඹි පළමු පියවරේ සිටම සිංගර් සමාගමේ මෙහෙයවීම මත ශ්රී ලංකාවේ DELLනිෂ්පාදන අලෙවියේ සීඝ්ර වර්ධනයක් අත්කරදීමට සමත්විය.
සිංගර් ශ්රී ලංකාහි අලෙවි හා වෙළඳ අධ්යක්ෂ මහේෂ් විජේවර්ධන මහතා මෙම ජයග්රහණය පිළිබඳ අදහස් දක්වමින් සඳහන් කළේ DELL වෙළඳ නාමය සහ සිංගර් හා එක්ව ගොඩනැඟූ සවිමත් බෙදාහැරීම් ජාලය සහ , අලෙවියෙන් පසු සේවා පහසුකම් සැපයීමේ ජාලය මෙන්ම ආවේණික වූ විශේෂ වට්ටම් සහ වරප්රසාද හා ප්රවර්ධන වැඩසටහන් හේතුවෙන් මෙම ජයග්රහණය ලැබීමට හැකිවූ බවයි. කලාපීය වශයෙන් හොඳම බෙදාහරින්නා වීමට හැකිවීම පිළිබඳ ආඩම්බර වන බවත්, මෙම ජයග්රහණයත් සමඟ තවදුරටත් සිංගර් සහ DELL එක්ව මෙරට පාරිභෝගිකයින්ට සමීප සේවාවක් ලබාදීමට සූදානම් බවද හෙතෙම පෙන්වා දුන්නේය.
DELL South Asia and Korea Channel Summit 2016 කලාපීය වශයෙන් පැවැත්වෙන ප්රමුඛතම සම්මාන උළෙක් වන අතර ඒ සඳහා කලාපීය වශයෙන් DELL නිෂ්පාදන බෙදාහරින සියලු සමාගම් එක්වෙති. ඒ සඳහා ශ්රී ලංකාව සහ මෙරට පාරිභෝගික ප්රජාව නියෝජනය කරමින් සහභාගි වූ සිංගර් සමාගම මෙහිදී කලාපීය වශයෙන් හොඳම දක්ෂතා දැක්වූ බෙදාහැරීම් සමාගම බවට පත්විය. මෙම අවස්ථාවේදී මීට අමතරව ගෝලීය වශයෙන් වන තොරතුරු තාක්ෂණ ප්රවණතා සහ කලාපීය වශයෙන් වන සැලසුම් පිළිබඳවද සාකච්චා කෙරෙන අතර මේ සඳහා දකුණු ආසියාව සහ කොරියානු කලාපය නියෝජනය කරමින් DELL විධායකයින්, C-Level විධායකයින් මෙන්ම DELL නාලිකා සහකරුවන්ගේ ප්රධානතම තීරකයින් එක්වූහ.මේ අනව රටවල් 30 කට අයත් නාලිකා සහකරුවන් සියයකට අධික පිරිසක් මෙම සමුළුව සඳහා එක්ව සිටියහ.
ශ්රී ලංකාව සහ මාලදිවයින සඳහා වන DELL කළමණාකරු රොෂාන් නුගවෙල මහතා සඳහන් කළේ මෙම විශිෂ්ඨ ඉලක්කය කරා ළඟවීම සම්බන්ධයෙන් සිංගර් සමාගමට සුභපතන බවයි. වසර එකහමාරකට වැඩි කාලයක් සිංගර් සමඟ දිවයිනේ සෑම ප්රදේශයක් වෙතම අනර්ඝ සේවාවක් සැපයීමට හැකිවූ බවත්, ඒ සියල්ල සාර්ථක වීමට සිංගර් හා බැඳුනු අනභිබවනීය පාරිභෝගික විශ්වාසය හේතු වූ බවත් ඒ මහතා සඳහන් කළේය. එම සබැඳියාව නිසා ඉතා කෙටි කාලයක් තුළ ශ්රී ලාංකීය වෙළඳ පළ තුළ වර්ධනය වීමට හැකිවූ බවද හෙතෙම පෙන්වා දුන්නේය. IDC වාර්තා වලට අනුව ගතවූ වසර තුන ඇතුළත වේගයෙන් වර්ධනය වූ ප්රමුඛ පරිගණක වෙළඳ නාමය බවට DELL පත්වී ඇත්තේද සිංගර් වෙතින් ලද අනගි සහයෝගය නිසා බව ඒ මහතා සඳහන් කළේය. සිංගර් හා එක්ව ඉදිරියේදී තවත් ඉලක්ක රැසක් කරා ළඟාවෙමින් පාරිභෝගිකයාට වඩා හොඳ සේවාවක් සැපයීමට අපේක්ෂා කරන බව ද හෙතෙම වැඩිදුරටත් පැවසීය.
දිවයින පුරා විහිදුනු ප්රදර්ශනාගාර 420කින් සැදුම්ලත් ප්රදර්ශනාගාර ජාලය ඔස්සේ පාරිභෝගිකයන්ට පහසුකම් සලසන සිංගර් ඒ හා සමගාමීව අලෙවියෙන් පසු සේවා ජාලයක් ද ක්රියාත්මක කරයි. මෙම මෙහෙවර හේතුවෙන් මෙරට අංක එකේ “මහජන වෙළඳ නාමය“ ලෙස අඛණ්ඩව දස වසරක් පුරා පත්වීමටද සිංගර් සමාගමට හැකිවී තිබේ.
ඡායාරූප - සිංගර් ශ්රී ලංකා හි වෙලඳ හා අලෙවි අධ්යක්ෂ මහේෂ් විජේවර්ධන මහතා විසින් ඉහළම පාරිභෝගික බෙදාහැරීම් සහකරු සම්මානය ලබාගනිමින්
Video Story