April, 28, 2025
කොළඹ කොටස් හුවමාරුව (CSE), ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව (SEC) සමඟ එක්ව, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් (SMEs) කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කිරීම හරහා ප්‍රාග්ධනය රැස් කිරීමේ මාර්ග ගවේෂණය කිරීම සඳහා සහාය වීම අරමුණු කරගත් සංසදයක් ගම්පහදී පැවැත්වීය.
“ඔබේ ව්‍යාපාරයේ ගමන් පථය නැවත අර්ථ දැක්වීම” යන මාතෘකාව යටතේ පැවති මෙම සංසදය, මගින් Empower පුවරුවේ සහ දිරි සවි පුවරුවල ලැයිස්තුගත කිරීම හරහා, ඵලදායී ප්‍රාග්ධන රැස්කිරීමේ මාර්ග ගවේෂණය කිරීම පිළිබඳ මග පෙන්වීමක් ලබා දුනි. මෙම මණ්ඩල කෘෂි ව්‍යාපාර, පශු සම්පත්, බලශක්ති උත්පාදනය, ICT සහ සංචාරක ආශ්‍රිත ව්‍යාපාර වැනි අංශ කෙරෙහි අවධානය යොමු කරමින් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා කැපවූ ලැයිස්තුගත කිරීමේ අවස්ථා පිරිනමන ලදි. මෙම සංසදය සඳහා 70 කට අධික සංඛ්‍යාවක් සහභාගී වූ අතර ඔවුන්ගේ යහපත් ප්‍රතිචාර සමගින් ඔවුන්ට මෙම ක්‍රියාවලිය පිළිබඳ වටිනා අවබෝධයක් ලබා දෙන ලදි.
මෙහි ප්‍රධාන දේශනය සීමාසහිත NDB ආයෝජන බැංකුවේ ආයතනික උපදේශක අංශයේ ජ්‍යෙෂ්ඨ කළමනාකරණ සහකාර නිකිල ධර්මදාස මහතා විසින් පවත්වන ලදී, CSE හි ලැයිස්තුගත කිරීම හරහා ප්‍රාග්ධන උත්පාදනය සහ ලැයිස්තු ගත වීමේ ප්‍රතිලාභ පිළිබඳව අවධාරණය කරන ලද අතර, සාම්ප්‍රදායික මූල්‍යකරණ ආකෘතිවලින් ඔබ්බට ගොස් වර්ධනය වීමට සූදානම් ව්‍යාපාර සඳහා ඒ සඳහා ඇති ක්‍රියාවලීය සහ වාසි ගෙනහැර දැක්වීය.
“ලැයිස්තුගත කිරීම කරා යන ගමන සහ ලැයිස්තුගත කිරීමෙන් පසු ජීවිතය” යන මැයෙන් පැවති සමූහ සාකච්ඡාවට සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ ආයතනික කටයුතු අධ්‍යක්ෂිකා, මනුරි වීරසිංහ මහත්මිය; කොළඹ කොටස් හුවමාරුවේ ප්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරනායක මහතා; නිකිල ධර්මදාස මහතා සහ මහවැලි පොල් වතු සමාගමෙහි කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී ජේ.එෆ්. ප්‍රනාන්දුපුල්ලේ යන මහත්ම මහත්මීහු සහභාගී වූහ. කොළඹ කොටස් හුවමාරුවේ වාණිජ අංශයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති පුණ්‍ය මාලි සපරමාදු මහත්මිය විසින් සැසිය මෙහෙයවන ලදී. ලැයිස්තුගත කිරීමකට සූදානම් වීම, නියාමන අපේක්ෂාවන් සහ ලැයිස්තුගත කිරීමෙන් පසු ව්‍යාපාරික ගමන පිළිබඳ ප්‍රායෝගික ඉදිරිදර්ශන මෙහිදී ඉදිරිපත් කරන ලදී.
මෙම මූලාරම්භයත් සමගින්, ශ්‍රී ලංකාව පුරා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා ප්‍රාග්ධන වෙළඳපොළ අවස්ථා පුළුල් කිරීම සඳහා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව සහ කොළඹ කොටස් හුවමාරුවෙහි අඛණ්ඩ කැපවීම පිළිඹිබු කරන අතර, එමඟින් ජාතික ආර්ථිකයට අර්ථවත් දායකත්වයක් ලබා දෙමින් තිරසාර ලෙස වර්ධනය වීමටද ඔවුන්ට හැකියාව ලැබේ.
Video Story