April, 28, 2025
පිරිසිදු හා හරිත පරිසරයක් දැයට දායාද කිරීම සඳහා වන නෙස්ලේ ලංකා ප්‍රයත්නයෙහි තවත් පියවරක් ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය හා මධ්‍යම පරිසර අධිකාරිය සමඟ එක් වෙමින් 2020 වසරේදී ‘පාසල් අපද්‍රව්‍ය කළමනාකරණ වැඩසටහන’ ආරම්භ කරන ලදී. ශ්‍රී ලංකාවේ පාසල් දරුවන් අතර නිසි ආකාරයෙන් අපද්‍රව්‍ය බැහැර කිරීමේ පුරුදු ඉහළ නැංවීම මෙම වැඩසටහනේ ප්‍රමුඛ අරමුණක් විය.
නෙස්ලේ ලංකාහි මෙම සුවිශේෂී වැඩසටහන හරහා අධ්‍යාපන අමාත්‍යාංශයේ මඟ පෙන්වීම යටතේ දිවයින පුරා පාසල් තුළ කසල කළමනාකරණය පිළිබඳ දැනුවත් කිරීමේ සැසි පැවැත්වීමට මධ්‍යම පරිසර අධිකාරිය කටයුතු කරනු ලබයි. ඒ අනුව මේ වසරේදී පාසල් 1000ක් ආවරණය කරමින් 500,000ක පමණ සිසු සිසුවියන් පිරිසක් කසල කළමනාකාරණය පිළිබඳ දැනුවත් කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය සැලසුම් කොට ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ නෙස්ලේ ලංකා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ බර්නි ස්ටෙෆන් මහතා සඳහන් කර සිටියේ “හරිත අනාගතයක් නිර්මාණය කිරීම සඳහා අපගේ කැපවීමේ වැදගත් පියවරක් ලෙස මෙම පාසල් අපද්‍රව්‍ය කළමනාකරණ වැඩසටහන පෙන්වා දිය හැකියි. ප්ලාස්ටික් ඇසුරුම් අවම කිරීම හා ඒ සඳහා ප්‍රතිචක්‍රීකරණය කළ හැකි ඇසුරුම් නිර්මාණය කිරීම සඳහා අප නිරන්තරයෙන් කටයුතු කරනවා. ඒ වගේම තරුණ පරපුර තුළ නිසි අපද්‍රව්‍ය කළමනාකරණයේ වගකීම පිළිබඳව උනන්දුවක් ඇති කිරීම ඉතා වැදගත් කාර්ය භාරයක් ලෙස අප විශ්වාස කරනවා” යනුවෙනි.
මෙහිදී අදහස් එක් කළ මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය තිලක් හේවාවසම් මහතා “ ප්ලාස්ටික් හේතුවෙන් ඇති වන පරිසර දූෂණය අද වන විට මෙරට ප්‍රබල පාරිසරික ගැටලුවක් බවට පත්ව තිබෙනවා. වගකීම් සහගත අපද්‍රව්‍ය බැහැර කිරීම පිළිබඳව දැනුවත් කිරීම තිරසාර පරිසර පද්ධතියක් නිර්මාණය කිරීම සඳහා ඉතා වැදගත් වනවා. නෙස්ලේ, අධ්‍යාපන අමාත්‍යාංශය සහ මධ්‍යම පරිසර අධිකාරිය අතර වන මෙම හවුල්කාරීත්ව වැඩසටහන තුලින් තාරුණ්‍ය තුළ හරිත භාවිතයන් පිළිබඳ පුරුදු ප්‍රවර්ධනය කිරීමට කටයුතු යොදා තිබෙනවා. ඔවුන්ට නිවසෙන්ම මෙම වැඩසටහන ආරම්භ කළ හැකියි” යනුවෙන් පැවසීය.
මෙම පාසල් අපද්‍රව්‍ය කළමනාකරණ වැඩසටහනේ වැදගත්ම අවස්ථාව ලෙස ‘සිසු නෙතින් දකින සුවදායී පරිසරය’ යන තේමාව යටතේ ලෝක පරිසර දිනය නිමිති කරගනිමින් චිත්‍ර තරඟයක් පැවැත්වීමටද කටයුතු යොදා ඇත. පාසල් අපද්‍රව්‍ය කළමනාකරණ වැඩසටහන තුළින් සිසු සිසුවියන් අවබෝධ කරගත් පණිවිඩය නිර්මාණශීලීව ඉදිරිපත් කිරීමේ අවස්ථාව මෙම චිත්‍ර තරඟය තුළින් උදා කර දෙනු ලබයි.
වර්තමාන හා අනාගත පරම්පරාවන් සඳහා මෙන්ම සියලු දෙනාගේ ජීවන තත්වය ඉහළ නැංවීම වෙනුවෙන් ආහාරවල ශක්තිය විදහා දැක්වීමේ අරමුණින් මෙහෙයවනු ලබන නෙස්ලේ මුල් ළමා විය සිට මහලු විය දක්වා ශ්‍රී ලාංකේය පවුල්වල සියලු පරම්පරාවන් උසස් තත්වයේ ආහාර පානයන්ගෙන් පෝෂණය කිරීමට සමත්ව ඇත. 1906 වසරේදී මෙරට මෙහෙයුම් ආරම්භ කළ නෙස්ලේ සමාගම අද වන විට ශ්‍රී ලාංකේය ජීවන රටාවේ අත්‍යාවශ්‍ය අංගයක් බවට පත්ව ඇත. නෙස්ලේ විසින් මෙරට අලෙවි කරනු ලබන නිෂ්පාදනයන්ගෙන් 90%කට වැඩි ප්‍රමාණයක් කුරුණෑගල පිහිටි නවීනතම කර්මාන්තශාලාවේදී දැඩි ආරක්ෂණ හා තත්ව ප්‍රමිතීන්ට අනුව දේශීයව නිෂ්පාදනය කිරීමද විශේෂත්වයකි.

Ms. Shamini Periyapperuma (Acting Deputy Director General – Waste Management, Central Environmental Authority), Mr. Waruna Alahakoon (Director of Education, Aesthetic Education – Ministry of Education, Higher Education and Vocational Education), Professor Tilak Hewawasam (Chairman, Central Environmental Authority), Mr. Bernie Stefan (Managing Director, Nestlé Lanka), Mr. Ruwan Welikala (Director – Corporate Affairs & Communications, Nestlé Lanka)
Video Story