866,000 ඉක්ම වූ සංචාරකයින් පිරිසක් දිවයිනට

    April, 29, 2025

    2025 අප්‍රේල් මාසයේ පළමු දින 24 තුළ දී 144,320 ක සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සිය නවතම දත්ත වාර්තාවන් නිකුත් කරමින් පවසයි.

    ඒ අනුව 2025 වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව දැක්වෙනුයේ 866,596 ක් ලෙසයි.

    අප්‍රේල් මාසයේ පළමු දින 24 තුළ වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇති රට ඉන්දියාව වන අතර එම සංඛ්‍යාව දැක්වෙනුයේ 29,763 ක් ලෙසයි.

    මීට අමතරව එක්සත් රාජධානියෙන් සංචාරකයින් 15,501ක්, රුසියාවෙන් 11,859ක් සහ ජර්මනියෙන් 10,374ක් ලෙස වැඩි වශයෙන් සංචාරකයින් මෙරටට පැමිණ ඇත.