සංචාරක පැමිණීම 900,000ට ආසන්න වෙයි

    May, 5, 2025

    2025 අප්‍රේල් මාසය තුළ 174,608ක සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

    ඔවුන් සිය නවතම දත්ත වාර්තාවන් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ ඒ අනුව මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ථ සංචාරකයින් සංඛ්‍යාව 896,884ක් බවයි.

    2024 වසරේ අප්‍රේල් මාසයේ දී 148,867 ක සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ තිබූ අතර ඒ හා සැසදීමේ දී මෙම වසරේ අප්‍රේල් මාසයේ සංචාරක පැමිණීමෙහි 17.3%ක ර්ධනයක් දැකගත හැකියි.

    අප්‍රේල් මාසය තුළ වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇති රට ලෙස අඛණ්ඩව මෙවරත් ඉන්දියාව වාර්තා වන අතර එම සංඛ්‍යාව දැක්වෙනුයේ 38,744ක් ලෙසයි.

    මීට අමතරව එක්සත් රාජධානියෙන් සංචාරකයින් 17,348ක්, රුසියාවෙන් 13,525ක් සහ ජර්මනියෙන් 11,654ක් ලෙස වැඩි වශයෙන් සංචාරකයින් මෙරටට පැමිණ ඇත.