හිටපු අධිපති හා නව අධිපති කෝප් කමිටුව හමුවට

    July, 7, 2016

    ආන්දෝලනාත්මක බැඳුම්කර ගනුදෙනු පිළිබඳ සිදුකරනු ලබන විමර්ශනය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා සහ නව අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා අද (07) දිනයේ දී කෝප් කමිටුව හමුවට කැඳවා ඇත.

    2015 පෙබරවාරි මාසයේ සිට 2016 මැයි මාසය දක්වා සිදු වූ සියලු බැඳුම්කර නිකුතු පිළිබඳ පිටු 1251 ක වාර්තාවක් විගණකාධිපතිවරයා විසින් පසුගියදා පිළියෙල කරනු ලැබූ අතර මෙම වාර්තාව පදනම් කර ගනිමින් විමර්ශන සිදුකෙරෙන බව ආරංචි මාර්ග සඳහන් කර සිටී.

    කෝප් කමිටුව විසින් අද දිනයේ දී සිදුකරනු ලබන විමර්ශන කටයුතු සඳහා මුදල් අමාත්‍යාංශයේ සහ මුදල් මණ්ඩලයේ නිලධාරීන් කිහිප දෙනෙකුටද කැඳවීම් කර ඇතැයි වාර්තා වේ.