මැයි මාසයේ දින 18ක දී 80,421ක සංචාරකයින් පිරිසක් දිවයිනට

    May, 20, 2025

    2025 මැයි මාසයේ පළමු දින 18 තුළ දී 80,421 ක සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සිය නවතම සංඛ්‍යා ලේඛන මගින් පෙන්වා දී ඇත.

    ඒ අනුව මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ථ සංචාරකයින් සංඛ්‍යාව දැක්වෙනුයේ 977,305ක් ලෙසයි.

    වසරේ මේ දක්වා වැඩිම සංචාරක පිරිසක් පැමිණි රට ලෙස තවමත් ඉන්දියාව පෙරමුණේ පසුවන අතර එම සංඛ්‍යාව දැක්වෙනුයේ 184,095ක් ලෙසයි.

    දෙවනුවට වැඩිම සංචාරක පැමිණීමක් වාර්තා වී ඇත්තේ රුසියාවෙන් වන අතර එරටින් පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව 109,675ක් ලෙස වාර්තා වෙයි.

    මීට අමතරව එක්සත් රාජධානියෙන් සංචාරකයින් 92,539ක්, ජර්මනියෙන් සංචාරකයින් 67,019ක් සහ ප්‍රංශයෙන් සංචාරකයින් 55,220ක් ලෙස මෙම වසරේ මේ දක්වා වැඩි වශයෙන් සංචාරකයින් මෙරටට පැමිණ ඇත.