May, 21, 2025
කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ පිහිටි NEXT ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවය කළ සේවක සේවිකාවන් 1400කට වැඩි පිරිසකට රැකියා අහිමි කරමින් එම කර්මාන්ත ශාලාව වසා දමා තිබේ.
පූර්ව දැනුම්දීමකින් තොරව මෙම කර්මාන්ත ශාලාව වසා දැමීමට එහි පාලනාධිකාරිය පියවර ගෙන ඇති බව වාර්තා වෙයි.
මේ වනවිට කර්මාන්ත ශාලාව ඉබියතුරු දමා වසා ඇති අතර ආරක්ෂක නිලධාරීන් පමණක් එහි රැඳීසිටින බව පැවසෙයි.
NEXT නිෂ්පාදන කර්මාන්ත ශාලාව, මැයි 19 වන දා රාත්‍රියේ තම සේවක සේවිකාවන්ට වට්ස්ඇප් හරහා යවන ලද පණිවුඩයක සඳහන් කර ඇත්තේ, කර්මාන්ත ශාලාව වසා දමන බව යි.
මේ හේතුවෙන් එහි සේවය කළ සේවක සේවිකාවන් ඉදිරි පියවරක් ගැන නොදැනුවත්ව අසරණවී සිටින බවද වාර්තා වෙයි.
මෙහෙයුම් පිරිවැය ක්‍රමයෙන් ඉහළ යාම, වසර කිහිපයක් තිස්සේ කම්හල ලාභ නොලැබීම කර්මාන්ත ශාලාව වසා දැමීමට ප්‍රධාන වශයෙන් හේතු වූ බව පාලානාධිකාරිය නිවේදනය කර ඇත.
කෙසේ වෙතත් බීබීසි සිංහල සේවය වාර්තා කර ඇත්තේ බලපෑමට ලක්වූ සේවකයන්හට රැකියා සොයා ගැනීමට සහය වන බවට ද NEXT නිෂ්පාදන අධ්‍යක්ෂ ඩේවිඩ් රේ නමින් නිකුත් කර ඇති නිවේදනයක් හරහා ඔවුන් සහතික වී ඇති බවත්, රැකියාව අහිමි වන පිරිස් වෙත නීතිමය වශයෙන් හිමි වන අයිතිවාසිකම්වලට අමතරව මාස දෙකක වැටුපක් ලබා දීමට පොරොන්දු වී ඇති බවත්ය.
Video Story