July, 8, 2016
මෙරට ව්‍යාපාර සහ පුද්ගලයන් සඳහා භාණ්ඩ ප්‍රවාහනය කිරීමේ නවමු ප්‍රවේශයක් ඔස්සේ ශ්‍රී ලාංකේය ලොජිස්ටික්ස් සේවා ක්ෂේත්‍රය පෙරළිකාර වෙනසකට ලක් කළ Hire1 සමාගම, 2016 Venture Engine සම්මාන උළෙලේදී ඉහළ ම සම්මානයෙන් පිදුම් ලැබුවේය.
මෙවර සම්මානය සඳහා නිර්දේශිත නාමයන් 200 කට අධික සංඛ්‍යාවක් අතරින් ජූරියේ අවසන් නාම දහය අතරට එක් වූ Hire1 සමාගම, එහිදී සමස්ත ජයග්‍රාහකයා ලෙස සම්මානයට පාත්‍ර වූයේය. මීට අමතරව, තමන් භාවිතා කරන ව්‍යාපාරික ක්‍රමවේදය සහ එහි ජංගම දූරකථන යෙදවුම මගින් ඇති කරනු ලබන පුළුල් සමාජයීය සහ වෙළඳපල බලපෑම ඇගයුමට ලක් කරමින් මෙහිදී සමාරම්භක බලපෑම් ව්‍යවසාය සම්මානය ද හිමිකර ගැනීමට Hire1 සමාගම සමත් විය.
Blue Ocean Ventures සහ Angel Networks ව්‍යාපාර ප්‍රාග්ධන සමාගම් විසින් වාර්ෂිකව ක්‍රියාත්මක කරනු ලබන Venture Engine සම්මාන උළෙල, නව්‍යකරණ සහ නිර්මාණශීලි ව්‍යාපාරික විසඳුම් ඔස්සේ සිය ව්‍යාපාර වඩාත් පුළුල් කිරීම සඳහා මෙරට ව්‍යවසායකයන් දිරිමත් කරයි. අඛණ්ඩව පස්වන වසරටත් ක්‍රියාත්මකවන Venture Engine වැඩසටහන, අරමුදල් සම්පාදනය කරමින් මෙරට අංකුර ව්‍යවසායකයන් සාර්ථකත්වය කරා රැගෙන යාම වෙනුවෙන් සිය දායකත්වය ලබා දෙයි.
"පාරිභෝගිකයන්ගේ දොරකඩට ම පිවිස කඩිනමින් සේවාවන් ලබා දීම සඳහා මෙරට ව්‍යාපාරවලට සහයෝගය ලබා දීමත්, එමගින් ක්‍රියාත්මක ප්‍රවාහන සේවා සම්පාදකයන් සවිබල ගැන්වීමත් අපගේ මූලික ඉලක්කයයි. Venture Engine යනු අප වැනි අංකුර ව්‍යවසායකයන් හට සිය හැකියාවන් පෙන්නුම් කරමින්, ව්‍යාපාර තවදුරටත් වර්ධනය කිරීම සඳහා අවශ්‍ය යෙදවුම් ලබා ගැනීමට හිමිවන අනගි අවස්ථාවකි. ජාත්‍යන්තර ව්‍යාපාර ප්‍රාග්ධන සහ ව්‍යවසායකයන් වෙත මංපෙත් විවරකර දෙන වැඩසටහනක් ලෙස Venture Engine වැඩසටහන හඳුන්වා දිය හැකියි." Hire1 සමාගමේ සම ප්‍රාරම්භක යෙශාන්ත් ගුණවර්ධන සහ ඉන්දික තන්ත්‍රීගොඩ මහත්වරු සඳහන් කළෝය.
හාවර්ඩ් ව්‍යාපාර පාසලේ උපාධිධරයෙකුවන යෙශාන්ත් ගුණවර්ධන මහතා සහ SLIIT ගෞරව උපාධිධරයෙකුවන ඉන්දික තන්ත්‍රීගොඩ මහතා 2015 වසරේදී ආරම්භ කළ Hire1 සමාගම, ලොජිස්ටික්ස් සේවාවන් ඉටුකර ගැනීම සඳහා මෙරට ව්‍යාපාර, වෙළඳ කටයුතු සහ තනි පුද්ගලයන් හට බාධාවකින් තොර කඩිනම් විසඳුමක් හිමිකර දීමට සමත් විය.
Venture Engine සම්මාන සඳහා සලකා බැලෙන අංශයන් සහ Hire1 සමාගමේ තමන් දුටු විශේෂත්වයන් පිළිබඳ අදහස් පළ කරමින් Venture Engine වැඩසටහනේ සහ-ප්‍රාරම්භක, Blue Ocean Venture Capital සමාගමේ ප්‍රජීත් බාලසුබ්‍රමනියම් මහතා සඳහන් කළේ, නවෝත්පාදන සංකල්පයන් සහ මූලෝපායික ක්‍රියාමාර්ගයන් Hire1 සමාගමට මෙම සම්මානය හිමි වීමට හේතු වූ බවය. ව්‍යවසායකත්වය, ක්ෂේත්‍රයේ අවශ්‍යතාවන්ට ඔබින නම්‍යශීලිත්වය සහ නැගී එන ව්‍යාපාරයක විරළ ලක්ෂණයක්වන ගතික බව Hire1 සමාගම අනෙකුත් නාමයන් අතර කැපී පෙනීමට හේතු වුණා. ඉතා දීර්ඝ ක්‍රියාවලියක් පසු කරමින් නිර්දේශිත නාමයන් 200 කට අධික ප්‍රමාණයක් අභිබවමින් ජයග්‍රහණය කළ Hire1 කණ්ඩායම, ඉතාමත් කෙටි කලෙකින් ව්‍යාපාරික ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය ළඟා කර ගනු ඇති බව මාගේ විශ්වාසයයි." ඔහු ප්‍රකාශ කළේය.
වෙළඳ කටයුතු සහ අන්තර්ජාල අලෙවි කටයුතු සඳහා එක්දින සහ Hire1 Merchant Solution හරහා ඉ-වාණිජ සේවාව ද, ආයතන, වෘත්තීය වෙළඳ සමාගම් සහ සුළු, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් හට Hire1 Business Solution සේවාව හරහා ඕනෑම ලිපිගොනු හෝ භාණ්ඩ බෙදාහැරීම ද සිදුකළ හැකිය. මීට අමතරව, කාර්යබහුල පුද්ගලයන් සඳහා බාධාවකින් තොරව යමක් නිවසට ගෙන්වා ගැනීම සඳහා Hire1 සමාගම Personal Solution සේවාව හඳුන්වා දී ඇත.
සිය පැකේජය සජීවීව අධීක්ෂණය කිරීමේ පහසුකම ද Hire1 වෙතින් පාරිභෝගිකයන් හට හිමිකර දී තිබේ. ජංගම දූරකථන මෘදුකාංගය බාගත කර සරළ පියවර කිහිපයකින් ඒ සඳහා ලියාපදිංචි විය හැකි අතර, තමන් කැමැති ස්ථානයකින් පැකේජයක් ලබා ගැනීමට සහ පැකේජයක් බාර දීම සඳහා රියදුරෙකු යොදා ගැනීමට එම යෙදවුම මගින් හැකිය. මෙහිදී රියදුරාගේ විස්තර සහ පැකේජය ලැබුණු බවට තහවුරුව ලබා ගැනීමට මෙන් ම පාරිභෝගික සේවා මධ්‍යස්ථානයේ සහයෝගය ලබා ගැනීමට ද සේවා ලාභියාට හැකි වීම විශේෂත්වයකි.
කඩිනමින් රියදුරකු තෝරා ගැනීමේ හැකියාව, විශ්වසනීය දොරින්-දොර සේවාව, භාණ්ඩ ලබා ගැනීමෙන් අනතුරුව මුදල් ගෙවීමේ පහසුව, සුරක්ෂිතතාව පිළිබඳ පුහුණුව ලත් රියදුරන්, විනිවිදභාවයෙන් යුතු මිල ගණන් සහ පැකේජයේ ප්‍රමාණය මත වාහන යෙදවීමේ පහසුව ආදී අසමසම සේවාවන් රැසක් Hire1 වෙතින් සේවාලාභීන් වෙත හිමි වේ.
ආදායම් සාධාරණ ලෙස බෙදාහැරීමේ පදනම මත ක්‍රියාත්මක ව්‍යවසායක්වන Hire1 පසුගිය මාස කිහිපයක් තුළ විවිධ පාර්ශ්වකරුවන් සමග මූලෝපායික සබඳතා රැසක් ඇතිකර ගැනීමට සමත්ව සිටී. Venture Engine වෙතින් හිමි වූ මෙම සුවිශේෂී ඇගයුම සමගින් Hire1 සමාගම කොළඹ නගරයේ පමණක් නොව දිවයින පුරා ද සිය සේවාවන් ව්‍යාප්ත කිරීමට අපේක්ෂා කරයි.
වැඩිදුර විස්තර සඳහා 2586132 අංකයෙන් Strategic Alliance PR ක්‍රිෂ්ණා දයාවංශ හෝ නිමල් ගුණවර්ධන හෝ 0115 616166, 0775 331 347, yeshanth@hire1.lk, www.hire1.lk හරහා 31B පරණ කොට්ටාව පාර, මිරිහාන ලිපිනයෙහි Hire1 Technologies සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී/අධ්‍යක්ෂ යෙශාන්ත් ගුණවර්ධන හෝ සමග සම්බන්ධ වන්න
සේයාරූ සටහන : Venture Engine 2016 ජයග්‍රාහක Hire1 සමාගමේ සම-ප්‍රාරම්භක යෙශාන්ත් ගුණවර්ධන සහ ඉන්දික තන්ත්‍රීගොඩ ජයග්‍රාහකයින් ලෙස නම් කෙරුණු මොහොත