July, 8, 2016
එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් ලද 26 වැනි කොන්ත්‍රාත්තුව ලබා ගැනීමට Caddell Construction Co. සමත් වී තිබේ. ඒ ශ්‍රී ලංකාවේ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාල පරිශ්‍රය ඉදිකිරීම සඳහා ය.
අක්කර 6 ක දැවැන්ත වපසරියකින් යුතු මෙම ව්‍යාපෘතිය සඳහා නව කාර්යාල ගොඩනැගිල්ලක්, සංයුක්ත ප්‍රවේශ ගොඩනැගිල්ලක්, U.S. Marine residence හා ගබඩාවක් අන්තර්ගත වේ.
මාස 18 ක් ඇතුළත මෙම ව්‍යාපෘතිය සම්පූර්ණ කිරීමට යෝජිත අතර ඒ සඳහා ඇස්තමේන්තුගත වියදම ඇමරිකානු ඩොලර් මිලියන 155.94 කි.