බොරතෙල් නැව් තොග 04ක් ගන්න කොන්ත්‍රාත්තුව දුන් සමාගම මෙන්න

    May, 27, 2025

    2025‑09‑01 දින සිට 2025‑12‑31 දින දක්වා කාලය තුළ මර්බන් වර්ගයේ බොර තෙල් නැව් තොග 04ක් මිල දී ගැනීම පිණිස ලංසු කැඳවා ඇත.

    ඒ සඳහා ලංසු 07ක් ඉදිරිපත් කර තිබේ.

    ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය මත පදනම්ව සිංගප්පූරුවේ BB Energy Asia Pte. Ltd වෙත අදාළ ප්‍රසම්පාදනය පිරිනැමීම පිණිස බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.