සුද්දන්ගේ ශුද්ධ ආයෝජන මිලියන 600 පනී

    July, 11, 2016

    පසුගිය සතිය තුළ දී කොළඹ කොටස් වෙළෙඳපොළ තුළ විදේශ ආයෝජකයින් විසින් ආයෝජනය කර ඇති ශුද්ධ ආයෝජන වටිනාකම රුපියල් මිලියන 611.88 ක් ලෙසින් වාර්තා වේ.

    දිගින් දිගටම පහළ යමින් තිබුණු කොටස් වෙළෙඳපොළ මිල මට්ටම් පසුගිය ජූලි 05 වන දින සිට අඛණ්ඩව දින තුනක් ඉහළ යන ලදී.

    මෙහිදී පිළිවෙලින් ජූලි 05, 07 හ 08 යන දිනවල දී රු. මිලියන 23.95, 466.96 ක් සහ 179.71 ක් ලෙසින් අවසාන ගනුදෙනු තුන තුළ දී ශුද්ධ විදේශීය ගලා ඒම් ප්‍රමාණයක් වාර්තා වී තිබේ.

    මේ අතර පසුගිය ජූලි 08 වන දින සිකුරාදා දින ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 6,366.31 ක් ලෙසින් වාර්තා වූ අතර සමස්තයක් ලෙසින් ගත් කල ගෙවී ගිය සතිය තුළ දී ඒකක 79.22 කින් කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඉහළ ගොස් ඇත. එහිදී ජූලි 05, 07 හ 08 යන දිනවල දී පිළිවෙලින් ඒකක 25.62 ක්, 30.30 ක් හා 55.62 ක් ලෙසින් සියලු කොටස් මිල දර්ශකය ඉහළ යන ලදී.