ස්වෛරීත්ව බැඳුම්කර නිකුතුවක් අද

    July, 11, 2016

    වසර 5 සිට 10 දක්වා කාලවල දී කල්පිරෙන පරිද්දෙන් ස්වෛරීත්ව බැඳුම්කර නිකුතුවක් දියත් කිරීමට ශ්‍රී ලංකා රජය පියවර ගෙන තිබේ. මේ සඳහා Citi, Deutsche Bank, HSBC සහ Standard Chartered යන ජාත්‍යන්තර බැංකු සමාගම් මෙහෙයුම් කළමනාකරුවන් ලෙසින් පත්කර තිබේ.

    මේ සම්බන්ධයෙන් අප කළ විමසීමක දී ප්‍රාථමික අලෙවිකරුවෙකු කියා සිටියේ මෙය ශ්‍රී ලංකාවෙන් පිටත චී සිදුකරනු ලබන ඩොලර් බැඳුම්කර නිකුතුවක් බවයි. එහිදී ඩොලර්වලින් ආයෝජනය කළ හැකි ඕනෑම ආයෝජකයෙකු හට ඒ සඳහා ලංසු ඉදිරිපත් කළ හැකි බව ඔහු වැඩිදුරටත් පැවසීය.

    6.125% - 7.125% දක්වා පොළී අනුපාතයන් යටතේ සිදුකෙරෙන මෙම නිකුතුවේ වටිනාමක ඇමරිකානු ඩොලර් මිලියන 500 කි.

    මීට අමතරව තවත් ඩොලර් මිලියන 500 ක සම්මේලිත ඩොලර් ණය (syndicated loan) මුදලක් ලබා ගැනීමට ද ශ්‍රී ලංකා රජය විසින් පියවර ගනු ලැබ අතර අද දිනයේ දී එය අවසන් වීමට නියමිතය.