June, 2, 2025
2025 ජනවාරි සිට මැයි දක්වා කාලපරිච්ඡේදය තුළ දී කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය 5.71%කින් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
එහිදී වසර ආරම්භයේ දී ඒකක 15,944.61 ක් ලෙසින් සටහන්ව තිබූ සියලු කොටස් මිල දර්ශක අගය 2025 මැයි 30 දින ගනුදෙනු අවසානයේ දී ඒකක 16,854.86 ක් දක්වා වර්ධනය වී ඇත.
මේ අතර S&P SL20 දර්ශකයට අනුව මෙම වකවානුව තුළ දී 2.46% කින් සියලු කොටස් මිල දර්ශකය ඉහළ ගොස් තිබේ. වසර ආරම්භයේ දී ඒකක 4,862.10 ක් ලෙසින් දැක්වුණු S&P SL20 දර්ශකය 2025 මැයි 30 දින වන විට ඒකක 4,981.57 ක් දක්වා ඉහළ ගොස් තිබුණි.
Video Story