July, 11, 2016
කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත මූල්‍ය සමාගමක් වන පීපල්ස් මර්චන්ට් ෆිනෑන්ස් පීඑල්සී සමාගම, පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමඟ ඒකාබද්ධ වීමට තීරණය කර තිබේ.
පසුගිය ජූලි 08 වැනිදා පැවති අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේ දී මෙම තීරණය ගෙන ඇත.
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් දී ඇති මාර්ගෝපදේශ අනුව මෙම මූල්‍ය වර්ෂය තුළ දී මෙකී ඒකාබද්ධ වීම සිදුවීමට නියමිත බව අද දිනයේ දී සමාගම් ලේකම්වරයා විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දී තිබේ.
පීපල්ස් මර්චන්ට් ෆිනෑන්ස් පීඑල්සී සහ පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී යන සමාගම් දෙකම මහජන බැංකුව අනුබද්ධ සමාගම් වේ.