July, 11, 2016
අද දින කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු අවසානයේ දී රුපියල් මිලියන 878.75 ක පිරිවැටුමක් වාර්තා වී තිබිණි. මෙහිදී පසුගිය දින කිහිපය තුළ මෙන් අද දිනයේ දී විදේශීය අංශය සංක්රීය අයුරින් දායක වී තිබෙනු දැකිය හැකි විය.
ඒ අනුව අද දිනයේ දී විදේශීය මිල දී ගැනීම් රුපියල් මිලියන 427.24 ක් ලෙසින් සටහන් වූ අතර විදේශීය විකිණුම් වටිනාකම දැක්වුණේ රුපියල් මිලියන 82.72 ක් පරිද්දෙනි.
මේ අතර දිනය තුළ වාර්තා වූ දේශීය මිල දී ගැනීම් රුපියල් මිලියන 451.51 ක් සහ දේශීය විකිණුම් රුපියල් මිලියන 796 ක් ලෙසින් සටහන් විය.
දෛනික පිරිවැටුම සඳහා ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස්, සෙලාන් බැංකුව හා ලංකා ඔරික්ස් ලීසිං යන සමාගම්වල ගිවිසාගනු ලැබූ කොටස් ගනුදෙනු තුනක් දායකත විය. එහිදී පිළිවෙලින් රු. මිලියන 389.9 ක්, 176.55 ක් හා 24.3 ක් ලෙසින් ගනුදෙනු වාර්තා වී තිබිණි.
දිනය තුළ දී සියලු කොටස් මිල දර්ශක අගය පෙර දිනයට සාපේක්ෂව ඒකක 5.93 කින් ඉහළ යන ලදී. දිනය අවසානයේ දී එහි අගය ඒකක 6,372.24 ක් ලෙසින් දැක්විණි.
අඛණ්ඩව කොළඹ කොටස් වෙළෙඳපොළ මිල මට්ටම් ඉහළ ගිය සිව්වන දිනය අදයි.