July, 12, 2016
ශී‍්‍ර ලංකාවේ බැංකු නොවන ප‍්‍රමුඛතම මූල්‍ය ආයතනයවන පීපල්ස් ලීසිං ඇන්ඞ් ෆිනෑන්ස් සමාගම National HR Excellence Awards-2016 සම්මාන උළෙලේදී රිදී සම්මානය දිනාගනු ලැබීය. පීපල්ස් ලීසිං සමාගමට එම සම්මානය හිමිවූයේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවති IPM (Institute of Personal Management) විසින් සංවිධානය කළ දකුණු ආසියාවේ විශාලතම මානව සම්පත් සමුළුව වන ජාතික මානව සම්පත් සමුළුව - 2016 දීය. තම සාර්ථකත්වයට උරදෙන මානව සම්පත වෙනුවෙන් පීපල්ස් ලීසිං සමාගම විසින් කි‍්‍රයාත්මක කෙරෙන දැවැන්ත කාර්යභාරය සැලකිල්ලට ගනිමින් එම සම්මානය පිරි නැමුණි.
එදින සම්මාන දිනූ සුදුස්සන් තේරීම අදියර 3කින් සිදුවූ අතර" එහිදී මානව සම්පත් කි‍්‍රයාවලිය මනා ලෙසින් විගනනය කිරීම හා අවසන් වටයේ සුදුස්සන් තේරීම මානව සම්පත් විශේෂඥයන්ගෙන් සමන්විත ගෞරවනීය විනිශ්චය මණ්ඩලයකින් සිදුවිණ.
තම සමාගමට හිමි වූ zජාතික මානව සම්පත් කළමනාකරණ සම්මානයZ සම්බන්ධයෙන් පීපල්ස් ලීසිං ඇන්ඞ් ෆිනෑන්ස් සමාගමේ ප‍්‍රධාන විධායක/සාමාන්‍යාධිකාරී ඞී.පී. කුමාරගේ මහතා පැවසුවේ" zපීපල්ස් ලීසිං සමාගම කාර්ය මණ්ඩලය පිළිබඳව සිතන්නේ තම ආයතනය සතු ඉහළම වත්කම ලෙසින්. ඒ නිසාම සමාගමේ සාර්ථකත්වයට උරදෙන කාර්ය මණ්ඩලයෙහි වෘත්තීය හා පෞද්ගලික සංවර්ධනයට උපරිම සහයෝගය සමාගම විසින් දක්වනවා. දිනෙන් දින පීපල්ස් ලීසිං සමාගම දියුණුවන්නේ සමාගමේ මානව සම්පතද සමගින්. මෙම zජාතික මානව සම්පත්Z රිදී සම්මානයෙන් පිදුම් ලැබීමෙන් අප සමාගම සේවකයන් වෙනුවෙන් සිදුකරන දැවැන්ත මෙහෙවර ඇගයීමක්" දිරිමත්කිරීමක් මෙන්ම පීපල්ස් ලීසිං යනු රැකියාවෙහි යෙදෙන්නට වඩාත් සුදුසු සමාගමක් බව සනාථ කෙරුණා.Z යන්නය.
ශී‍්‍ර ලංකාවේ විශාලතම රාජ්‍ය බැංකුවක් වන මහජන බැංකුවට අනුබද්ධිත සමාගමක් ලෙසින් 1995 දී ඇරඹූ පීපල්ස් ලීසිං සමාගම ෆිච් රේටිංස් ලංකා දේශීය ණය ශ්‍රේණිගතකිරීම් අනුව AA - (lka) ඉහළම ණය ශ්‍රේණිගතය හිමි මූල්‍ය සමාගමක් වේ. ජාත්‍යන්තර ණය ශ්‍රේණිගතකිරීම් 2ක් හිමි එකම මූල්‍ය සමාගම මෙන්ම ආසියාවේ වඩාත් විශ්වසනීය මූල්‍ය සන්නාම අතරට එක්වීමටද පීපල්ස් ලීසිං සමාගම සමත්ව සිටී.
එහි විශේෂිත මූල්‍ය සේවාවන් අතර ලීසිං" ස්ථාවර තැන්පතු" ඉතුරුම් ගිණුම්" පුද්ගලික හා ව්‍යාපාරික ණය පහසුකම්" ණය සාධ්‍යකරණය (Factoring)" ආන්තික වෙළඳාම (Margin Trading) සහ ඉස්ලාමීය මූල්‍ය පහසුකම් වන අතර පීපල්ස් ඉන්ෂුවරන්ස්" පීපල්ස් මයික්‍රොෆිනෑන්ස්" පීපල්ස් ලීසිං ප්‍රොපටි ඩිවලොප්මන්ට්" පීපල්ස් ලීසිං ෆ්ලීට් මැනේජ්මන්ට් හා පීපල්ස් ලීසිං හැව්ලොක් ප්‍රොපටීස් යන සමාගම් එහි අනුබද්ධිත ආයතන වෙති. සියලූ මූල්‍ය සේවාවන් එකම ස්ථානයකින් ලබාගත හැකිවීමෙන් ගනුදෙනුකරුවන්ට තම මූල්‍ය සේවාවන් කඩිනමින් හා අවම පිරිවැයකින් සපුරාගැනීමේ අවස්ථාව සැලසීම පීපල්ස් ලීසිං සමාගමේ සුවිශේෂත්වය වේ.
ජායාරූප විස්තරය - පීපල්ස් ලීසිං සමාගම් සමූහයෙහි මානව සම්පත් අංශයේ ප‍්‍රධාන කළමනාකරු යුරේෂ් ජයසේකර මහතා විසින් තම සමාගමට හිමි සම්මානය IPM ආයතනයේ සභාපති රෝහිත අමරපාල මහතා අතින් ලබාගත් අවස්ථාව
Video Story