July, 12, 2016
කොළඹ නගරය තුළ වේගයෙන් වර්ධනය වන මහල් නිවාස සංකීර්ණ ඉල්ලුම සපුරාලනු වස් නව මහල් නිවාස සංකීර්ණ ව්‍යාපෘති 11 කට අත්සන් තැබීමට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය පසුගිය ජූනි මාසය තුළ දී පියවර ගනු ලැබීය.
ඇමරිකානු ඩොලර් මිලියන 259 ක මුදලක් මෙම ව්‍යාපෘති සඳහා ආයෝජනය කෙරෙන බවත් සෘජු රැකියා අවස්ථා 900 කට අධික ප්‍රමාණයක් මේ හරහා නිර්මාණය වන බවත් ලංකා ආයෝජන මණ්ඩලයේ අදහසයි.
Arum Developers (Pvt) Ltd, Barrington Global (Pvt) Ltd, Vivesta Constructions (Pvt) Ltd, KSK Construction (Pvt)Ltd, Blue Ocean Legend (Pvt) Ltd, STK Quickshowa (Pvt) Ltd, City Square Projects (Pvt) Ltd, Capital Trust Residencies (Pvt) Ltd, Pearl Residency (Pvt)Ltd, Decent Homes Japan (Pvt) Ltd සහ Capital Trust Residencies Four (Pvt) Ltd සමාගම් සමඟින් මෙම නව මහල් නිවාස සංකීර්ණ ව්‍යාපෘති සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ගිවිසුම්වලට එළඹ තිබේ.