ජුනි මාසයේ පළමු දින 10 තුළ 43,900 ඉක්මවූ සංචාරකයින් පිරිසක් දිවයිනට

    June, 12, 2025

    2025 ජුනි මාසයේ පළමු දින 10 තුළ දී 43,962ක සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

    ඔවුන් සිය නවතම දත්ත වාර්තාවන් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ මෙම වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 1,073,765 බවයි.

    ජුනි මාසයේ පලමු දින 10 තුළ වැඩිම සංචාරකයින් පිරිසක් වන 5,421ක සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ජුනි 5 වන දිනයි.

    එම කාල සීමාව තුළ වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇති රට ලෙස ඉන්දියාව වාර්තාවන අතර එම සංඛ්‍යාව දැක්වෙනුයේ 12,362ක් ලෙසයි.

    මීට අමතරව එක්සත් රාජධානියෙන් සංචාරකයින් 3,740 ක්, බංගලාදේශයෙන් සංචාරකයින් 2,717ක්, ජර්මනියෙන් 2,439ක් සහ චීනයෙන් සංචාරකයින් 2,403ක් ලෙස වැඩි වශයෙන් සංචාරකයින් මෙරටට පැමිණ ඇත.