June, 19, 2025
අඛණ්ඩව පස්වන දිනටත් කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල පහළ යාමක් අද (19) දක්නට ලැබුණි.
එහිදී දිනයේ ගනුදෙනු අවසානයේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 253.23කින් පහළ ගොස් ඒකක 16,818.21ක් ලෙසින් සටහන් වූ අතර S&P SL20 මිල දර්ශක ඒකක 75.16කින් පහළ ගොස් ඒකක 5,019.15ක් ලෙසින් සටහන්ව තිබුණි.
සමාගම් 191 ක කොටස් මිල ගණන් අද දින පහළ ගොස් තිබූ අතර LOLC හෝල්ඩිංග්ස්, ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස්, සිලෝන් ටොබැකෝ කම්පැනි, NDB සහ කොමර්ෂල් බැංකුව යන සමාගම්වල කොටස් මිල පහළ යාම් අද දින සියලු කොටස් මිල දර්ශකයේ කඩාවැටීමට බෙහෙවින් හේතුවී තිබුණි.
අද ගනුදෙනු පිරිවැටුම වාර්තා වුණේ රු. බිලියන 3.31ක් ලෙසයි.

Video Story