June, 20, 2025
ලංකා සූපවේදීන්ගේ සංසදය සමඟ එක් වෙමින් Nestlé Professional Sri Lanka විසින් Nestlé Golden Chefs’ Hat තරඟාවලිය පසුගියදා සාර්ථකව පවත්වන ලදී. මෙරට හෝටල් ක්ෂේත්‍රය තුළ වර්ධනය වෙමින් පවතින සූප ශාස්ත්‍ර හැකියාවන් තව දුරටත් ඉහළ නැංවීම එම තරඟාවලියේ අරමුණ විය.
එසේම මෙහිදී Nestlé Professional Sri Lanka, ශ්‍රී ලංකා හෝටල් උපාධිධාරීන්ගේ සංගමය හා ලංකා සූපවේදීන්ගේ සංසදය සමඟ එක්ව ප්‍රථම වරට Junior Nestlé Golden Chefs’ Hat තරඟාවලියද පැවැත්වීමට කටයුතු කරන ලදී. ඒ තුලින් හෝටල් කර්මාන්තයේ සූප ශාස්ත්‍රය පිළිබඳ ඉගෙන ගන්නා සිසු සිසුවියන්ට ඔවුන්ගේ දක්ෂතා සහ හැකියාවන් ප්‍රදර්ශනය කිරීමේ අවස්ථාවක් ලබා දෙමින් හෙට දවසේ සූප ශාස්ත්‍ර විශිෂ්ටයින්ගේ හැකියාවන් ඉහළ නැංවීම කෙරෙහි අවධානය යොමු විය.
ඒ යටතේ දිවයින පුරා පළාත් 9 ම ආවරණය කරමින් පැවති කලාපීය තරඟ වටයන් තුලින් වෘත්තීය කාණ්ඩයේ හා අලුතින් හඳුන්වා දුන් කණිෂ්ඨ කාණ්ඩයේ අවසන් තරඟකරුවන් 18 දෙනෙකු තෝරා ගනු ලැබීය. සූප ශාස්ත්‍ර කලා ආහාර ප්‍රදර්ශනයේදී පැවති අවසන් තරඟයට සහභාගී වූ ඔවුන් එහිදී සිය විශිෂ්ට හැකියාවන් ප්‍රදර්ශනය කිරීමට සමත් වූහ.
මෙම තරඟාවලියෙදී ජයග්‍රහණය කළ ජයග්‍රාහකයින් හට පසුගිය ජූනි 15 දින කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ පැවති සුවිශේෂී උත්සවයකදී සම්මාන පිරිනැමීම සිදු වූ අතර ඒ සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකාවේ හා මාලදිවයිනේ ස්විස්ටර්ලන්ත තානාපති ආචාර්ය ගරු Siri Walt මහත්මිය එක් විය. ඊට අමතරව Nestlé S.A හි Nestlé Professional වෘත්තීය උපාය මාර්ගික ව්‍යාපාර ඒකක ප්‍රධානී Reinhold Jakobi, ආසියා, ඕෂනියා හා අප්‍රිකානු කලාපයේ නෙස්ලේ Nestlé Professional කලාපීය ව්‍යාපාර ප්‍රධානී Jeroen Pluijmers" නෙස්ලේ දකුණු ආසියානු කලාපීය Nestlé Professional අධ්‍යක්ෂ Saurabh Makhija, ලංකා සූපවේදීන්ගේ සංසදයේ සභාපති සූපවේදී ජෙරාඩ් මෙන්ඩිස් සහ ශ්‍රී ලංකා හෝටල් උපාධිධාරීන්ගේ සංමයේ සභාපති පැට්‍රික් පෙරේරා යන මහත්වරුද එම අවස්ථාවට එක් වූහ.
මෙම අවස්ථාවට එක් වෙමින් නෙස්ලේ ලංකාහි කළමනාකාර අධ්‍යක්ෂ බර්නි ස්ටෙෆන් මහතා සඳහන් කර සිටියේ “ශ්‍රී ලංකා ආර්ථිකය ස්ථාවර මට්ටමේ සිට වර්ධනීය තත්වයක් දක්වා දියුණු කිරීමේදී හෝටල් කර්මාන්තය තුළින් ඉතා වැදගත් කාර්ය භාරයක් ඉටු කරනවා. මෙම නෙස්ලේ Golden Chefs’ Hat තරඟාවලිය තුලින් එම කර්මාන්තය නඟා සිටුවීම සඳහා සුවිසල් කාර්යභාරයක් ඉටු කිරීමට ලැබීම නෙස්ලේ ලංකා ආයතනය ලද ගෞරවයක් කොට සලකනවා. එසේම මේ තුලින් තරුණයින්ට ඔවුන්ගේ හැකියාවන් සපිරි ක්ෂේත්‍රයන්හි විශිෂ්ටයින් බවට පත්වීම සහ ප්‍රජාවන් වෙත දායකත්වය ලබා දීම ශක්තිමත් කිරීම මෙන්ම කුසලතා ඉහළ නැංවීම සඳහා වන ද අපගේ Nestlé Needs YOUth වැඩසටහනද මනාව ප්‍රදර්ශනය කරනවා.”යනුවෙනි.
මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකාවේ හා මාලදිවයිනේ ස්විස්ටර්ලන්ත තානාපති ආචාර්ය Siri Walt මහත්මිය “සූප ශාස්ත්‍ර හැකියාවන් ප්‍රවර්ධනය කිරීමේ මෙම සුවිශේෂී වැඩසටහන සම්බන්ධයෙන් Nestlé Professional" ලංකා සූපවේදීන්ගේ සංසදය හා ශ්‍රී ලංකා හෝටල් උපාධිධාරීන්ගේ සංගමය වෙත මගේ සුභ පැතුම් එක්කර සිටිනවා. සංචාරක ව්‍යාපාරය හා හෝටල් කර්මාන්තය ශ්‍රී ලංකාවට මෙන්ම ස්විස්ටර්ලන්තයටත් ඉතාමත් වැදගත් වනවා. එහෙයින් ශ්‍රී ලංකාවේ හෝටල් කර්මාන්තය නඟා සිටුවීම සඳහා Nestlé Professional දක්වන දායකත්වය පිළිබඳව මා ඉතාමත් සතුටට පත්වනවා” යනුවෙන් පවසා සිටින ලදී.
නෙස්ලේ Golden Chefs’ Hat තරඟාවලිය පිළිබඳව අදහස් දක්වමින් Nestlé S.A හි Nestlé Professional වෘත්තීය උපාය මාර්ගික ව්‍යාපාර ඒකක ප්‍රධානී Reinhold Jakobi මහතා මෙසේ පැවසීය “මෙම ගෝලීය සැමරුමෙහි 60 වන සංවත්සරය සමරන මේ මොහොතේ 2025 නෙස්ලේ Golden Chefs’ Hat තරඟාවලිය තුලින් ශ්‍රී ලංකාවේ ආකර්ෂණීය හෝටල් කර්මාන්තය විඳගැනීමට ලැබීම පිළිබඳව ඉතාමත් සතුටුයි. හෝටල් කර්මාන්තයේ වර්ධනය, නවෝත්පාදනය හා දියුණු සඳහා සහාය වන අපගේ විවිධාකාර නිෂ්පාදන සමඟින් දශක ගණනාවක් තිස්සේ පර්යේෂණ හා සංවර්ධනයන් තුළින් නෙස්ලේ අත්කරගෙන ඇති දැනුම හෝටල් ක්ෂේත්‍රය වෙත බෙදා හැරීමට Nestlé Professional තුළින් අපි බලාපොරොත්තු වනවා”.
Nestlé Professional Sri Lanka හි සහකාර අධ්‍යක්ෂ මධුරංග පෙරේරා මහතා මෙහිදී අදහස් දක්වමින් “සෑම විටම මෙරට සූප ශාස්ත්‍ර සංවර්ධනයේ පෙරමුණ ගෙන කටයුතු කරන Nestlé Professional, 2025 නෙස්ලේ Golden Chefs’ Hat තරඟාවලිය සහ නෙස්ලේ Golden Chefs’ Hat Junior තරඟාවලිය සදහා සත්කාරකත්වය සැපයීමට ලංකා සූපවේදීන්ගේ සංසදය හා ශ්‍රී ලංකා හෝටල් උපාධිධාරීන්ගේ සංගමය සමඟ එක්වීමට ලැබීම පිළිබඳව ඉතාමත් සතුටට පත් වෙනවා. මෙම සහයෝගීතාව තුලින් ප්‍රදර්ශනය වන්නේ ශ්‍රී ලංකාවේ සූප ශාස්ත්‍ර කර්මාන්තය නඟා සිටුවීම සඳහා මෙන්ම අනාගත සූපවේදීන්ට සහයෝගය ලබා දීම සඳහා වන අපගේ අඛණ්ඩ කැපවීමයි” යනුවෙන් පැවසීය.
ලංකා සූපවේදීන්ගේ සංසදයේ සභාපති සූපවේදී ජෙරාඩ් මෙන්ඩිස් මහතාද මෙහිදී අදහස් දක්වන ලදී. ඒ මහතා සඳහන් කර සිටියේ “ශ්‍රී ලංකාවේ හෝටල් කර්මාන්තයේ සූප ශාස්ත්‍ර හැකියාවන් ඉහල නැංවීමේ සැබෑ අවස්ථාවක් නිර්මාණය කිරීම සඳහා Nestlé Professional Sri Lanka සමඟ එක්වීමට ලැබීම පිළිබඳව ඉතාමත් සතුටට පත් වෙනවා. දක්ෂතා, උනන්දුව හා හැකියාවන් විදහා දැක්වූ අවස්ථාවක් වූ එය සූපවේදීන්ට තමන්ගේ හැකියාවන් ප්‍රදර්ශනය කිරීමට මෙන්ම ඔවුන්ගේ දක්ෂතාවයන් තව දුරටත් ඉහළ නංවා ගැනීමට සුවිසල් අවස්ථාවක් ලබා දෙනවා.” යනුවෙනි.
ශ්‍රී ලංකා හෝටල් උපාධිධාරීන්ගේ සංගමයේ සභාපති පැට්‍රික් පෙරේරා මහතා මෙසේ සඳහන් කරන ලදී. “2025 නෙස්ලේ Golden Chefs’ Hat තරඟාවලියේ කණිෂ්ඨ කාණ්ඩය වෙනුවෙන් Nestlé Professional Sri Lanka සමඟ එක්ව කටයුතු කිරීමට ලැබීම පිළිබඳව ඉතාමත් සතුටුයි. මෙම නවතම ආකර්ෂණීය වැඩසටහන සමඟින් රට පුරා හෝටල් පාසල්වල ඉගෙනුම ලබන තරුණ තරුණියන්ගේ සූප ශාස්ත්‍ර හැකියාවන් මෙන්ම ඔවුන්ගේ නිර්මාණශීලීත්වය, උනන්දුව සහ සුවිශේෂී දක්ෂතා සුවිසල් ප්‍රේක්ෂක පිරිසක් වෙත ප්‍රදර්ශනය කිරීමට අවස්ථාව උදා වනවා.”
අද මෙන්ම ඉදිරි පරම්පරාවේත් ජීවන තත්වය ඉහළ නැංවීම වෙනුවෙන් ආහාරයන් සතු හැකියාව විදහා දැක්වීමේ අරමුණින් දරුවන්ගේ සිට මහලූ විය දක්වා ශ‍්‍රී ලංකාවේ පවුල් පරම්පරාවන් වෙත ඉහළම තත්වයේ පෝෂණීය ආහාර පාන ලබා දීමට නෙස්ලේ කටයුතු කර ඇත. නිරන්තරයෙන් ආහාර සේවා වෘත්තිකයින් සමඟ එක්ව කටයුතු කරන නෙස්ලේ ලංකා හි B2B අංශය වන Nestlé Professional Sri Lanka සාර්ථකත්වය වෙනුවෙන් අවැසි සුවිශේෂී ව්‍යාපාරික අභියෝග හා අවස්ථා සඳහා විසඳුම් ලබා දීම සඳහා කැපවී කටයුතු කරයි.

නෙස්ලේ Golden Chefs’ Hat Junior තරඟාවලියේ ජයග්‍රාහකයෝ,
වමේ සිට දකුණට - බර්නි ස්ටෙෆන් මහතා (කළමනාකාර අධ්‍යක්ෂ, නෙස්ලේ ලංකා), සූපවේදී ජෙරාඩ් මෙන්ඩිස් ( සභාපති, ලංකා සූපවේදීන්ගේ සංසදය) , පැට්‍රික් පෙරේරා මහතා (සභාපති, ශ්‍රී ලංකා හෝටල් උපාධිධාරීන්ගේ සංගමය) , ගරු ආචාර්ය Siri Walt මහත්මිය (ශ්‍රී ලංකාවේ හා මාලදිවයිනේ ස්විස්ටර්ලන්ත තානාපති) , Jeroen Pluijmers (නෙස්ලේ කලාපීය ව්‍යාපාර ප්‍රධානී - Nestlé Professional, ආසියා, ඕෂනියා හා අප්‍රිකානු කලාපය) පළමු අනුශූරතාවය ජයග්‍රහණය කළ සදිනි කවීෂා සහ ඉමාෂා අමන්දි (SLITHM -කොග්ගල) , ශූරතාවය හිමිකරගත් චතුර ඩිල්ශාන් සහ ක. අ. ඩ ප්‍රනාන්දු (SLITHM කොළඹ) , දෙවන අනුශූරතාවය දිනූ සෙනුක පෙරේරා සහ මයිකල් ගුරුසිංහ (William Angliss Institute) Reinhold Jakobi මහතා (Nestlé S.A හි Nestlé Professional වෘත්තීය උපාය මාර්ගික ව්‍යාපාර ඒකක ප්‍රධානී) මධුරංග පෙරේරා මහතා (සහකාර අධ්‍යක්ෂ - Nestlé Professional, නෙස්ලේ ලංකා) සහ Saurabh Makhija මහතා (අධ්‍යක්ෂ - Nestlé Professional, නෙස්ලේ දකුණු ආසියානු කලාපය)
ඡායාරූප විස්තරය - නෙස්ලේ Golden Chefs’ Hat තරඟාවලියේ වෘත්තීය අංශයේ ජයග්‍රාහකයෝ,
වමේ සිට දකුණට - බර්නි ස්ටෙෆන් මහතා (කළමනාකාර අධ්‍යක්ෂ, නෙස්ලේ ලංකා), සූපවේදී ජෙරාඩ් මෙන්ඩිස් (සභාපති, ලංකා සූපවේදීන්ගේ සංසදය) , පැට්‍රික් පෙරේරා මහතා (සභාපති, ශ්‍රී ලංකා හෝටල් උපාධිධාරීන්ගේ සංගමය) , ගරු ආචාර්ය Siri Walt මහත්මිය (ශ්‍රී ලංකාවේ හා මාලදිවයිනේ ස්විස්ටර්ලන්ත තානාපති) , Jeroen Pluijmers (නෙස්ලේ කලාපීය ව්‍යාපාර ප්‍රධානී - Nestlé Professional, ආසියා, ඕෂනියා හා අප්‍රිකානු කලාපය), දෙවන අනුශූරතාවය ජයග්‍රහණය කළ කළණි සමාධි මහත්මිය සහ ඉරේෂ් සිරිවර්ධන මහතා (Cinnamon Grand Colombo), ශූරතාවය හිමිකරගත් රමිඳු දිල්ශාන් මහතා සහ චලක ජනිත් මහතා (Araliya Beach Resort & Spa Unawatuna), පළමු අනුශූරතාවය දිනූ කවිඳු අනුහස් මහතා සහ චලක ජනිත් මහතා (Sigiriya Forest Edge), Reinhold Jakobi මහතා (Nestlé S.A හි Nestlé Professional වෘත්තීය උපාය මාර්ගික ව්‍යාපාර ඒකක ප්‍රධානී) මධුරංග පෙරේරා මහතා (සහකාර අධ්‍යක්ෂ - Nestlé Professional, නෙස්ලේ ලංකා) සහ Saurabh Makhija මහතා (අධ්‍යක්ෂ - Nestlé Professional, නෙස්ලේ දකුණු ආසියානු කලාපය)
Video Story