June, 23, 2025
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය යටතේ පවතින භූමි ප්‍රදේශ සංචාරක ක්ෂේත්රයේ ආයෝජන සඳහා යොදා ගැනීමටත් ඒවායේ ආයෝජනය කිරීම වෙනුවෙන් දේශීය සහ විදේශීය ආයෝජකයින් බොහෝමයක් සූදානමින් සිටින බවට හඳුනාගෙන ඇති බවත් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
ඒ අනුව මේ වන විට ශ්‍රී ලංකාව තුළ ආයෝජකයින්වෙත විවෘත කිරීමට හැකි ඉඩම් අක්කර 3,000කට ආසන්න ප්‍රමාණයක් පවතින බවයි සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතා පවසන්නේ.
ඔහු මේ බව පවසා සිටියේ පසුගිය දා (20) පැවති මාධ්‍ය හමුවකදීය.
එලෙස ආයෝජකයන් හට නිරවුල් ලෙස ආයෝජනය කළ හැකි ආයෝජන ප්‍රදේශ මොනවා ද යන්න පිළිබඳව ද සංචාරක නියෝජ්‍ය අමාත්‍යවරයා එහි දී සඳහන් කර සිටියේ ය. එම ප්‍රදේශ පහතින් දැක්වේ.
Bentota National Holiday Resort Zone: අක්කර 24
Kochuveli Beach Resort Zone: අක්කර 74
Kalpitiya Island Resort Zone: විශාල දූපත් 2ක්
Baththalangunduwa: අක්කර 291
Uchchamunai: අක්කර 1095
Pasikudah National Holiday Resort: අක්කර 6.5
Dedduwa Lake Resort Area: අක්කර 1713
Bulanayaya, Pidurangala area: අක්කර 19
Rasool Thottam, Trincomalee: අක්කර 40 පමණ
Allas Garden, Trincomalee: අක්කර 4 පමණ
මෙම ආයෝජන අවස්ථාවන් ලබාගැනීම සඳහා ආයෝජකයන් වෙනුවෙන් මෙම සතියේ දී ප්‍රසිද්ධ පුවත්පත් දැන්වීමක් පලකරන බව ද ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති බුද්ධික හේවාවසම් මහතා පවසා සිටියේ ය.
එහි දී ඔහු වැඩි දුරටත් පවසා සිටියේ මේ සඳහා මෙරට ආයෝජකයන්ට මෙන්ම විදේශීය ආයෝජකයන්ට ද ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ පරාමිතීන්ට අනුව තමන්ගේ ක්ෂක්යතා වාර්තාවන් ඉදිරිපත් කිරීමට අවස්ථාව පවතින බවය.
Video Story