ආචාර්ය හර්ෂණ මුදල් ලේකම් ධූරයට

    June, 23, 2025

    හිටපු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා මුදල් අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙසින් පත් කර තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර සිටී.

    මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාව සිටි මහින්ද සිරිවර්ධන මහතා පසුගිය දා එම ධූරයට සමුදුන් අතර ඔහු ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) විකල්ප විධායක අධ්‍යක්ෂවරයෙකු ලෙස වැඩභාර ගැනීමට නියමිතය.

    ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා වත්මන් රජයේ මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසින් කටයුතු කළේය. මහින්ද සිරිවර්ධන මහතාගේ විශ්‍රාම යෑමෙන් පුරප්පාඩු වූ මුදල් අමාත්‍යංශ ලේකම් ධූරය පිරවීම වෙනුවෙන් සූරියප්පෙරුම මහතා පසුගිය සතියේ දී සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වී තිබුණි.