July, 14, 2016
තම Fior සන්නාමයෙන් එන නිෂ්පාදිත අලෙවිය සඳහා බ්ලූ ඩයමන්ඩ් ජුවලරි වර්ල්ඩ්වයිඩ් සමාගම, ස්වර්ණ මහල් ජුවලර්ස් ලිමිටඩ් සමඟින් නියෝජිත ගිවිසුමකට එළඹ තිබේ.
2016 ජූනි 24 දින සිට බලපැවැත්වෙන පරිදි වසර 3 ක කාලයක් සඳහා දේශීය වෙළෙඳපොළ වෙත Fior නිෂ්පාදිත අලෙවි කිරීම ස්වර්ණ මහල් ජුවලර්ස් විසින් සිදුකරනු ඇත.
මෙම දැනුම් දීමත් සමඟම අද දින පෙරවරුවේ දී ඡන්ද බලය සහිත බ්ලූ ඩයමන්ඩ් කොටස් මිල 25% කින් ඉහළ ගොස් තිබේ.