June, 24, 2025
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දිනය වෙනුවෙන් නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනය අනුව එක්සත් ජනපද ඩොලරයක මධ්‍ය අගය රු. 301.12 ක් ලෙසින් සටහන්ව ඇත.
මෙය 2024 සැප්තැම්බර් 26 දිනෙන් පසුව ඩොලරයේ මිල රු. 301 සීමාව ඉක්මවා ගිය දෙවැනි අවස්ථාව වන අතර පසුගිය අප්‍රේල් 10 වැනි දින එය රු. 301.20 ක් ලෙසින් සටහන්ව තිබුණි.
අද දින ඩොලරයේ ගැනුම් මිල රු. 296.67 ක් හා විකුණුම් මිල රු. 305.06 ක් ලෙසින් සටහන්ව ඇත.
ඊයේ (23) දිනයේ දී බ්ලූම්බර්ග් ප්‍රවෘත්ති වෙබ් අඩවිය වාර්තා කර තිබුණේ, ඉරානයට එල්ල වූ එක්සත් ජනපද ප්‍රහාරවලින් පසු, ඉහළ යන භූ දේශපාලනික අවදානම්වලින් ආරක්ෂා වීමට ආයෝජකයින් උත්සාහ කිරීමත් සමඟ සඳුදා ඩොලරය ශක්තිමත් වී ඇති බවයි.
මේ අතර 2025 වසරේ ජූනි 20 වන දින දක්වා කාලය තුළ දී ශ්‍රී ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව 2.7%කින් අවප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

Video Story