කුමාරිකා හිස නිවන ගිමන්හල නැවත වරක් මිහින්තලයේ දී

    June, 24, 2025

    ශ්‍රී ලංකාවේ හිසකෙස් රැකවරණයේ පුරෝගාමී සන්නාමයක් වන හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් හි කුමාරිකා සන්නාමය විසින්, මේ වසරේදීත් පොසොන් පොහොය සමරනු වස් මිහින්තලය වන්දනා කිරීමට පැමිණි සියලු බැතිමතුන්ට විවේක සුවය ලබා දීමේ අරමුණින් මිහින්තලා පුදබිම ආසන්නයේ " කුමාරිකා හිස නිවන ගිමන්හල" වැඩසටහන දියත් කරන ලදී.

    ස්වාභාවික  දේශීය  නිෂ්පාදන පෙළක් සමඟින් පාරිභෝගික විශ්වාසය දිනා ගත්  සන්නාමයක් ලෙස කුමාරිකා, සිය හිස නිවන ගිමන්හල" වෙත පැමිණි සුවිශාල ජනතාවට  සුදුසුකම් ලත් රූපලාවන්‍ය වෘත්තිකයන් විසින් නොමිලේ හිසකෙස් විශ්ලේෂණ සිදු කර, හිසකෙස් සහ හිස්කබලේ ගැටළු පිළිබඳ ඔවුන්ට මනා අවබෝධයක් ලබා දී, නොමිලයේ හෙයා ඔයිල් සත්කාරයක් හා හිස සම්බාහනයක් අත්විඳීමට අවස්ථාව සලසා දෙනු ලැබීය. කුමාරිකා සන්නාමය  වෙත පාරිභෝගිකයා තැබූ දිගු කාලීන විශ්වාසය අගයමින් “කුමාරිකා හිස නිවන ගිමන්හල” වෙත පැමිණි සියලු දෙනාට රාමු කළ ඡායාරූපයක් ඇතුළු ත්‍යාග ලබා දෙන ලදී.  විවිධ ආකර්ෂණීය ක්‍රියාකාරකම් ද මේ  අතරතුර පවත්වමින් ඔවුන්ට අමතක නොවන අත්දැකීමක් කුමාරිකා වෙතින් තිළිණ කෙරිණි.  මේ අත්දැකීම විඳි ජනතාව, සිය වන්දනා ගමන අතරතුර සැනසුම් සුවයෙන් විවේක ගැනීමට උපකාර කිරීම වෙනුවෙන් කුමාරිකා වෙත ස්තූතිවන්ත විය.

    හෙයා ඔයිල්, ෂැම්පූ සහ කන්ඩිෂනර් ඇතුළු හිසකෙස් රැකවරණ නිෂ්පාදන පෙළක් සමඟින්, නිරන්තරයෙන් වෙනස් වන පාරිභෝගික අවශ්‍යතා සපුරාලීම සඳහා ශ්‍රී ලාංකික හිසකෙස්වලට ගැලපෙන සේ සිය නිෂ්පාදන ලබා දීමට කුමාරිකා කටයුතු කරයි.  “කුමාරිකා හිස නිවන ගිමන්හල” වෙත පැමිණ කුමාරිකා නිෂ්පාදනවල අත්දැකීම ලබා ගනිමින් සන්නාමය සමඟ එක් වූ සියලු දෙනාටම කුමාරිකා සිය හෘදයාංගම කෘතඥතාව පළ කරමින්, ඉදිරියේදීත් සන්නාමය සමඟ එක්ව සිටින ලෙස කුමාරිකා සිය පාරිභෝගිකයන්ට සාදරයෙන් ඇරයුම් කරයි.