Honor Global Industry Lanka නියෝජිතයින් පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේදී ඉදිරිපත් කළ අදහස් පිලිබඳව ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලයෙන් පැහැදලි කිරීමක්

    June, 25, 2025

    අදාළ සමාගම 2023/09/12 දින දේශීය මෙට්ට නිෂ්පාදනය කර විවිධ රටවල් සදහා අපනයනය කිරීමට අයදුම්පතක් ඉදිරිපත් කරන ලදී.

    අපනයන සදහා නිශ්පාදන කටයුතු මුල් කොටගෙන අයදුම්පත් ඉදිරිපත් කරන ආයෝජකයින්ගේ  අයදුම්පත් විමර්ශනය කිරීමේදී ශ්‍රී ලංකාව ලෝක  වෙළඳ සංවිධානයේ (WTO) සාමාජිකයෙකු ලෙසඅදාළ සංවිධානයේ නිර්ණායකයන් සමග ඉදිරිපත් කරනු ලබන අයදුම් පත් සංසන්දනය කරයි.

    නිදසුනක් ලෙස නිශ්පාදකයෙකු නිශ්පාදන පිරිවැයට අඩුවෙන් නිෂ්පාදනය කර එහි සාමාන්‍ය වටිනාකමට වඩා අඩු මිලකට අපනයනය කරන විට Anti-dumping [ප්‍රපාතන විරෝදී] Countervailing [ප්‍රතිතෝලන බදු]  තීරුබදු පැනවිය හැකි අතර, මෙම පිළිවෙත ආනයනය කරන රටේ පවතින වෙලදපොල මත ස්තාපනය වී ඇති මිලගනන් පවත්වාගෙන යාම සදහා  පවරනු ලබයි. එමගින් අදාළ රටෙහි ව්‍යාපාර කඩා වැටීම වලක්වා ගැනීමට බලාපොරොත්තු වේ. එබැවින්, ශ්‍රී ලාංකික අපනයනකරුවන් මෙම නීති රීති පිළිපැදීමට, ඔවුන් අපනයනය කරන රටවල  ප්‍රපාතන විරෝධී රෙගුලාසිවලට ගරු කිරීමට සහ වෙළඳාම විකෘති කරන පිළිවෙත් වළක්වා ගැනීමට බැඳී සිටී.

    (1) ඉහත කරුණු සලකා බැලීමෙන් අනතුරුව ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලය, වාණිජ දෙපාර්තමේන්තුවද, වෙළද වාණිජ හා අහාර සුරක්ෂිතතා අමාත්‍යාංශයක එකතුව සාකච්ඡා පවත්වා, ඉන් අනතුරුව පහත සදහන් කරුණු පිළිබද අවධානය යොමු කරන ලදි.

    (i) අදාල සමාගම කිසියම් රටකට ඔවුන්ගේ නිෂ්පාදන විශාල ප්‍රමාණ වශයෙන් සහ ඉතා පහල මිලකට අපනයනය කිරිමට ඇති හැකියාව.

    (ii) මෙම තත්වය හේතුකොටගෙන ශ්‍රි ලංකාවේ දැනට අපනයනය කරන දේශීය අපනයනකරුවන්ට බලපාන පරිදි Anti-dumping [ප්‍රපාතන විරෝදී] Countervailing [ප්‍රතිතෝලන බදු] පැනවීමේ හැකියාව.

    (iii) මෙම අහිතකර බදු පැනවීම සිදුවුවහොත් දේශීය අපනයනකරුවන්ගේ වොළදපොල කඩා වැටීමේ අවදානම

    (2) ඉහත සඳහන් කරුණු සැලකිල්ලට ගෙන අයදුම්පත් පදනම් කොටගෙන අදාල සමාගමේ ආයෝජකයන් සමඟ සාකච්ඡා වට කිහිපයක් පවත්වන ලදී.  මෙහිදී ඔවුනට අවධාරනය කරනු ලැබුවේ  Anti-dumping [ප්‍රපාතන විරෝදී] Countervailing [ප්‍රතිතෝලන බද්දක්]  අදාළ රජයන් මගින් පැනවීමේ ප්‍රවණතාවයක්  ඇති බවත් මෙමගින් දේශිය නිෂ්පාදකයන්ගේ  අපනයන කටයුතු  කඩා වැටීමේ අවදානමක් ඇති බවත්ය. එමෙන්ම එවැනි තත්වයක් ඇති නොවීමට අදාල සමාගම වග බලා ගතයුතු බවත්ය. 

    ඉන් පසුව මෙම ආයෝජකයා  තෝරාගත් අන් රටවලට පමනක් මෙට්ට අපනයන කරන බවත්,මෙම    Anti-dumping [ප්‍රපාතන විරෝදී] Countervailing [ප්‍රතිතෝලන බද්දක්]  පනවා ඇති රටවල්   හැර අප අනුමත කරනු ලබන රටවලට පමනක් අපනයන කරන බවට සනාත කරමින්  ආයෝජන මණ්ඩලයට ලිඛිතව දැනුම් දෙන ලදී.

    මෙම ලිපියේ තවදුරටත් මෙම සමාගම ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලයෙන් ඉල්ලා සිටියේ සීමා පැන්විය හැකි රටවල් හැර අන් රටවල්  සඳහා මෙට්ට්‍රස් නිෂ්පාදනය කොට අපනයනය කිරීමේ පදනම මත පිහිටා මෙම ව්‍යාපෘතියට අවසර දෙන ලෙසය.

    එම ලිපියේම අනාගතයේදි Anti-dumping නීතිය ක්‍රියාත්මක වන ආකාරය සලකා බලා ඔවුනට අදාල නීතීන් ක්‍රියාත්මක කල හැකි රට්වල්  සඳහාද  අපනයනය කිරීමට අවස්ථාවක් ලබා දෙනු ඇතැයි බලාපොරොත්තු වන බව සඳහන් විය.

    (3) මෙම තත්වය සලකා බලා ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩල 17 වන වගන්තිය යටතේ ශ්‍රි ලංකාවේ මෙට්ට්‍රස් නිෂ්පාදනය කොට 100% ක් අපනයන කිරීම සඳහා අවසර දෙන ලදි. එම ගිවිසුමේ අන් රටවල් සඳහාද අනිවාර්යයෙන් මෙට්ට්‍රස් අපනයනය කල යුතු බව ගිවිසුමේ පැහැදිලිව සඳහන් කරන ලදී. විශේෂයෙන් මෙම මුල් ගිවිසුමේදී අපනයන සීමාවන් පවතින රටවල්  සදහා  අපනයන කල නොහැකි බව ඉතා පැහැදිලිව සඳහන් කරන ලදී.

    (4) අදාළ සමාගම විසින් ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලට 2025 ජූනි මස දන්වා සිටියේ සමාගමේ සමස්ත සේවක සංඛාව 130 ක් බවය. 

    (5) 2024 අදාල සමාගම ගිවිසගත් ගිවිසුමට අනුව අපනයන සීමාවන් පවතින රටවල් සදහා අපනයනය කිරීමේ අරමුණින් නිෂ්පාදනය කල හැකි ප්‍රමාණය පිළිබද ඔවුන් මුල සිටම දැනුවත්ව සිටි අතර වෙනත් කිසිදු රටකට අපනයනය කිරීම සඳහා ආයෝජන මණ්ඩලය අපනයන සීමාවක් මෙම සමාගමට පනවා නොමැති බව අවධාරනය කරනු කැමැත්තෙමු.

    ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ආයෝජකයින් සමග කටයුතු කිරීමේදී සැම විටම උත්සාහ කරන්නේ ආයෝජකයින්ගේ සියලුම අයදුම් පත් නිසි ලෙස සොයා බලා ඔවුන්ගේ ව්‍යාපෘති සාර්ථක කර ගැනීමට උපරිම සහයෝගයලබාදීමයි. අප දේශීය ආයෝජකයින්ද රටට පැමිණෙන විදේශීය විදේශීයආයෝජකයින්ද ඉතා ගෞරවයෙන් සහ සාදරයෙන් පිළිගන්නා අතර  ඔවුන්ගේ ව්‍යාපාර ඉදිරියට ගෙනයාම සඳහා සහගයෝගය ලබාදීමට අප ආයතනය සැම විටම සැදී පැහැදී සිටී.

    (මෙය ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලය විසින් නිකුත් කරන ලද නිවේදනයකි.)