ජර්මනියෙන් යූරෝ මිලියන 13 ක් ලබා ගැනීමට පියවර

    July, 14, 2016

    ජර්මානු පෙඩරල් ජනරජය වෙතින් ලබා දීමට එකඟ වී ඇති යුරෝ මිලියන 13ක ශිල්පීය සහයෝගීතා ප්‍රදාන (Technical Cooperation Grant) ලබාගැනීම පිණිස ගිවිසුමකට එළඹීමට මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

    පසුගිය පෙබරවාරි මාසයේ දී ජනාධිපතිතුමන් ජර්මනියේ කළ සංචාරයේ දී මෙම ප්‍රදාන ලබා දීමට ජර්මානු රජය එකඟ වී ඇත.

    විල්පත්තු ජාතික උද්‍යානය සහ එහි ස්වාරක්ෂක කලාප කළමනාකරණ ව්‍යාපෘතිය, උතුරු හා නැ‍ඟෙනහිර පළාත්වල වෘත්තීය පුහුණු ව්‍යාපෘතිය, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාවසාය සංවර්ධන ව්‍යාපෘතිය සහ සමාජ ඒකාබද්ධතාව හා ප්‍රතිසන්ධානය සඳහා පහසුකම් සැලසීමේ ව්‍යාපෘතිය යන ව්‍යාපෘති 04 ක්‍රියාත්මක කිරීම සඳහා මෙම ප්‍රදාන යොදා ගැනීමට නියමිතය.

    Video Story

    Stock Market

    Exchange Rates