නව්‍යකරණය, සහයෝගීතාවය, ඇගයීම මුල් කරගත් 2025 TOTACHI ගෝලීය බෙදාහැරීමේ නියෝජිතයන්ගේ සමුළුව අති සාර්ථකව ශ්‍රී ලංකාවේදී පැවැත්වෙයි

    June, 26, 2025

    ලු‍බ්‍රිකන්ට් සහ රථවාහන නඩත්තු නිෂ්පාදන සඳහා ලෝකයේ කීර්තිමත්ම සමාගමක් වන ජපානයේ (ටොටාචි) TOTACHI Industrial Pte. Ltd සමාගම පසුගියදා සිය 2025 ගෝලීය බෙදාහරින්නන්ගේ සමුළුව ශ්‍රී ලංකාවේදී පැවත්වීය. 

    මෙම සුවිශේෂී අවස්ථාව සඳහා රටවල් 50 කට අධික සංඛ්‍යාවක් නියෝජනය කරමින් TOTACHI සමාගමේ හවුල්කරුවන්, බෙදාහරීමේ නියේජිතයන් සහ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයින් ගණනාවක් සහභාගී වූ අතර සමුළුව නව්‍යකරණය, සහයෝගීතාවය සහ ගෝලීය ක්‍රමෝපාය මූලික කරගෙන දින හතරක් පුරා පැවත්විණි.
    ඉතා ආකර්ෂණීය සමාරම්භක උත්සවයක් සමඟින් ඇරඹුණු මෙම සමුළුව ජූනි මස 10 වැනි දින සිට 13 දක්වා, කොළඹ - සිනමන් ලයිෆ් හෝටලයේදී සහ හම්බන්තොට - ශැන්ග්‍රිලා හෝටලයේදී අදියර දෙකක් යටතේ පැවැත්වූ අතර පළමු අදියරේදී ව්‍යාපාරයන්ට සම්බන්ධ වැදගත් අදහස්, තාක්ෂණික දැනුම සහ අනාගත ව්‍යාපාර සැලසුම් ගැන සාකච්ඡා විය. දෙවන අදියරේදී සමූහ ක්‍රියාකාරකම්, වැඩමුළු සඳහා වැඩි ඉඩක් වෙන් විය.
    සමුළුවේ න්‍යාය පත්‍රයට අනාගත දැක්ම ඉලක්ක කරගත් ප්‍රධාන දේශනයන්, ජපන් මෝටර්රථ ක්ෂේත්‍රයේ නව සොයාගැනීම් සම්බන්ධ ගැඹුරු සාකච්ඡාවන්, ගෝලීය වෙළඳපොල තත්ත්ව විශ්ලේෂණයන්, බෙදාහරින්නන් සවිබල ගැන්වීම සහ පාරිභෝගිකයින් කේන්ද්‍ර කරගත් විසඳුම් සැපයීම වැනි විවිධ අංගයන් ගණනාවක් අඩංගු විය. එමෙන්ම සමුළුවට සහභාගී වූවන් හට විවිධ පාර්ශව සමඟ නව සබඳතාවයන් සහ සහයෝගීතාවයන් ඇති කරගැනීමටත්, පවතින සබඳතාවයන් වර්ධනය කරගැනීමටත් හැකියාව ලැබීම විශේෂත්වයකි.

    සමුළුවේ වැදගත්ම අවස්ථාව වූයේ TOTACHI සන්නාමය ගෝලීය වෙළඳපොල තුළ තවදුරටත් සවිමත් කිරීම ඉලක්ක කරගත් නව වැඩසටහන් දියත් කිරීමයි. මෙම නව වැඩටසහන් අතර තාක්ෂණික සහයෝගීතා පද්ධති දියුණු කිරීම, නව නිෂ්පාදන හඳුන්වාදීම සහ තරඟකාරී වෙළඳපොල තුළ බෙදාහරින්නන්ගේ සාර්ථකත්වය වර්ධනය කිරීම වෙනුවෙන් ඩිජිටල් පරිවර්තන ක්‍රමෝපාය සැළසුම් වැනි වැඩසටහන් සුවිශේෂී විය.

    මෙම සමුළුව අතරතුර ශ්‍රී ලංකාවේ TOTACHI සඳහා බලයලත් විශේෂ නියෝජිතයා වන ජී එස් ලු‍බ්‍රිකන්ට්ස් ලිමිටඩ් (G S Lubricants Limited) සමාගම විශිෂ්ටතම බෙදා හරින්නා සම්මානයෙන් ගෞරවයට පාත්‍ර වීමද විශේෂත්වයකි. මෙම සම්මානය G S Lubricants සමාගම වෙත ප්‍රදානය කෙරුණේ ඔවුන් විසින් දක්වා තිබූ කැපවීම, ඉහළ වෙළඳපොල කාර්යක්ෂමතාවය, විශිෂ්ට සන්නාම නියෝජනය සම්බන්ධයෙන් කෙරුණු ඇගයීමක් වශයෙනි. එමෙන්ම මෙම සම්මානය ගෝලීය ලු‍බ්‍රිකන්ට් ක්ෂේත්‍රය තුළ, රථවාහන නව්‍යකරණය සහ ව්‍යාපාර නායකත්වය අතින් ශ්‍රී ලංකාවටම කීර්තිමත් තැනක් අත්පත් කර දුන් අවස්ථාවක් වශයෙන් හැඳින්විය හැකිය.

    2025 TOTACHI ගෝලීය බෙදාහරින්නන්ගේ සමු`ඵව සැබැවින්ම සමු`ඵවකින් ඔබ්බට ගිය, හවුල්කරුවන් සමඟ TOTACHI සමාගමට ඇති බැඳීමත් TOTACHI සමාගමේ විශිෂ්ටත්වයත් පෙන්නුම් කරන අවස්ථාවක් ලෙස සැළකිය හැකිය.