June, 26, 2025
කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (26) දිනයේ දී මෙතෙක් ඉතිහාසයේ වාර්තා වූ ඉහළම අගය වාර්තා කරන්නට සමත්විය.
ඒ අනුව අද දින ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 17,740.46 ක් ලෙසින් සටහන් වූ අතර එය පසුගිය ජූනි 12 දින වාර්තා වූ ඒකක 17,661.5 ඉහළම වාර්තාව අභිබවා යාමකි. අද දිනය තුළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 204.84කින් ඉහළ ගොස් තිබුණි.
මේ අතර S&P SL20 දර්ශකය ඒකක 46.34 කින් ඉහළ ගොස් දිනයේ ගනුදෙනු අවසානයේ දී ඒකක 5,265.35 ක් ලෙසින් සටහන් වුණි.
රු. බිලියන 6.85 ක ගනුදෙනු පිරිවැටුමක් අද දින වාර්තා විය.
Video Story