June, 27, 2025
කීර්තිමත් ජනශක්ති සමූහයට අනුබද්ධිත, First Capital සමාගම ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල සිසු සිසුවියන්ගේ මූල්‍ය සාක්ෂරතාව වර්ධනය කිරීම වෙනුවෙන් First Capital investED වැඩසටහන ක්‍රියාත්මක කරන අතර, වර්තමානය වන විට මෙම වැඩසටහන හරහා 1,775කට අධික සංඛ්‍යාවක් ප්රතිලාභ ලබා ඇත. සිසු සිසුවියන්ට විවිධ ආයෝජන අවස්ථා හඳුනා ගැනීමට සහ මූල්‍ය කළමනාකරණය පිළිබඳ දැනුවත්භාවය ලබා ගැනීමට අවස්ථාව ලබා දීම මෙම වැඩසටහනේ මූලික අරමුණයි.
තිරසාරත්වය ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් තරුණ තරුණියන්ගේ මූල්‍ය සාක්ෂරතාව වර්ධනය කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වන First Capital investED වැඩසටහන හරහා ඔවුන්ගේ වෘත්තීය ගමනේ ආරම්භයේ පටන් නිවැරදි මූල්‍ය තීරණ ගැනීම සඳහා අවශ්‍ය දැනුම වර්ධනය කිරීමට First Capital සමාගම නිරන්තරයෙන් කැප වෙයි.
First Capital investED වැඩසටහනේ දී මූල්‍ය විනය, මූල්‍ය කළමනාකරණය, දිගු කාලීන ප්රතිලාභ නිර්මාණය කිරීම සහ ඉලක්ක සැකසීම වැනි ප්‍රායෝගික සංකල්ප වෙත මූලික අවධානය යොමු කළ අතර, වෙළෙඳපොළ පවතින තත්ත්වයට අනුව ආයෝජන හැසිරවිය යුතු ආකාරය පිළිබඳව ද එහි දී දැනුවත් කෙරිණි. සෑම සැසියක් අවසානයේදීම ප්‍රශ්නාවලියක් හරහා සහභාගි වූ සිසු සිසුවියන්ගේ දැනුම පරීක්ෂා කිරීම ද විශේෂත්වයක් විය.
First Capital investED වැඩසටහන කොළඹ විශ්ව විද්‍යාලය, කැලණිය විශ්ව විද්‍යාලය, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය, NSBM හරිත විශ්ව විද්‍යාලය, මොරටුව විශ්ව විද්‍යාලය සහ SLIIT ව්‍යාපාරික පාසල ඇතුළු ප්රමුඛ පෙළේ උසස් අධ්‍යාපන ආයතන රැසක සාර්ථකව දියත් කෙරුණු අතර, ඒ සඳහා ලැබුණු ඉහළ ප්‍රතිචාර මඟින් මෙම වැඩසටහනේ සාර්ථකත්වයට උදාහරණ සපයයි.
First Capital investED වැඩසටහන ඔබගේ විශ්ව විද්‍යාලයේ සංවිධානය කිරීමට අවශ්‍ය නම් 076 960 3083 අංකය ඇමතීමෙන් ඒ පිළිබඳව වැඩි විස්තර ලබා ගත හැකි ය. මෙම වැඩසටහන හරහා මූල්‍ය දැනුවත්භාවයෙන් සපිරි අනාගත පරපුරක් බිහි කිරීම First Capital සමාගමේ අරමුණයි.
