කොළඹ උද්ධමනය ඉහළට

    June, 30, 2025

    කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2025 මැයි මාසයේ වාර්තා වූ -0.7% සිට 2025 ජුනි මාසයේ දී -0.6% ක් දක්වා  ඉහළ ගොස් ඇති බව ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

    වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත, ආහාර කාණ්ඩයේ උද්ධමනය 2025 ජුනි මාසයේ දී 4.3% ක් දක්වා අඩු වී ඇති අතර 2025 මැයි මාසයේ දී එය වාර්තා වූයේ 5.2%ක්  ලෙසයි.

    එමෙන්ම ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය 2025 ජුනි මාසයේ දී -2.8% ක් දක්වා වැඩි වී ඇති අතර එය 2025 මැයි මාසයේ දී -3.3% ක් ලෙස වාර්තා විය.