ක්ෂුද්‍ර මූල්‍ය පනත ක්‍රියාවට නංවයි

    July, 14, 2016

    ජාතික ප්‍ර‍තිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍ර‍මසිංහ මහතා කර ඇති නියෝගයකට අනුව 2016 ජුලි 11 ගැසට් පත්‍රයෙන් 2016 අංක 6 දරණ ක්ෂුද්‍ර මූල්‍ය පනත ක්‍රියාත්මක වන බව ප්‍ර‍කාශයට පත් කර ඇත.

    ක්ෂුද්‍ර‍ මූල්‍ය ණය ව්‍යාපාරය මෙරටදී යම් පාලන තන්ත්‍ර‍යකට යටත් වන පළමු අවස්ථාව මෙයයි.

    මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය කාර්යාලය කියා සිටින්නේ දුප්පත් ජනතාවගෙන් වැඩි කොටසකට, ප්‍ර‍ධාන වශයෙන් කාන්තාවන්ට ණය පහසුකම් ලබා දෙන ක්ෂුද්‍ර‍ මූල්‍ය ණය ව්‍යාපාරයට නෛතික රාමුවක් නොතිබූ නිසා ක්ෂුද්‍ර‍ ණය මුවාවෙන් සක්විති, දඬුවම් මුදලාලි වැනි කූට ව්‍යාපාරිකයන් බිහි වීම තුලින් අසරණ ජනතාව මුලා වී තිබුණු බවයි. එබැවින් මෙම පනත ක්‍රියාවට නැංවීම හරහා මින් පසු මෙවැනි අක්‍ර‍මිකතා වලට ඉඩක් නොලැබෙන බව ද එහි වැඩිදුරටත් සඳහන් වේ.

    Video Story

    Stock Market

    Exchange Rates