July, 1, 2025
DFCC බැංකුවේ කාන්තා කේන්ද්‍රීය බැංකු සේවාව වන DFCC ආලෝකා, ශ්‍රී ලංකාව පුරා කාන්තාවන් 100,000 කට අධික සංඛ්‍යාවක් සවිබල ගැන්වීමට දායක වී ඇති බව DFCC බැංකුව සාඩම්බරයෙන් යුතු ව නිවේදනය කරයි. මෙය DFCC ආලෝකා හී හුදු සන්ධිස්ථානයක්ම පමණක් නොව, කාන්තාවන් විසින් මුදල් පරිහරණය, ඒ ආශ්‍රිත සේවා ලබා ගන්නා ආකාරය, අවස්ථා පසුපස හඹා යන ආකාරය සහ ඔවුන්ගේ ආර්ථික අනාගතය ස්වකීය පාලනයට ගන්නා ආකාරය මාර්ගෝපදේශණය කෙරෙන ක්‍රියාන්විතයකි.
කාන්තාවන්ට ජීවිතයේ සෑම අවදියකදී ම නම්‍යශීලී, පහසු ප්‍රවේශයක් සහිතව සහ ඔවුන්ගේ ඉලක්ක හා මනා ලෙස ගැලපෙන මූල්‍ය නිපැයුම් සමඟ ඔවුනට සහාය වීමේ පැහැදිලි අරමුණකින් යුතුව DFCC ආලෝකා නිර්මාණය කොට ඇත. ඉතුරුම් සහ ණය සඳහා විශේෂ පොලී අනුපාතවල සිට ආරක්ෂිත සහ පහසු ඩිජිටල් බැංකුකරණ විකල්ප දක්වා, DFCC ආලෝකා ශ්‍රී ලාංකික කාන්තාවන් සඳහා විශේෂයෙන් නිර්මාණය කරන ලද මූල්‍ය සේවා සපයයි. කාන්තාව ප්‍රමුඛස්ථානයේ තබමින් බැංකුකරණයෙහි නිරතවීමේ එහි ආචාර ධර්මයන්ට අනුකූලව, මෙම ව්‍යාපෘතිය ගනුදෙනුවලින් ඔබ්බට ගොස් උපදේශකත්වය, ව්‍යවසායක සහාය, ජීවන රටා ප්‍රතිලාභ සහ සෑම කාන්තාවකගේම දිවි ගමනට මනාව ගැළපෙන මූල්‍ය අධ්‍යාපනයක් ලබා දෙයි. හෙට දිනය උදෙසා ඉතිරි කරන ශිෂ්‍යාවක් හෝ තම වෘත්තීය දිවිය ගොඩනැඟීම වෙනුවෙන් කැපවෙන කාන්තා වෘත්තිකයකු හෝ සිය ව්‍යාපාරය පුළුල් කිරීමෙහි නිරත ව්‍යවසායිකාවක් හෝ ඇගේ ජීවිතය තුළ මීළඟ පරිච්ඡේදය සැලසුම් කරන විශ්‍රාමික කාන්තාවක් හෝ වේවා, DFCC ආලෝකා ඇයට ගෞරවයෙන්, ප්‍රයෝජනවත් සේවාවන්ගෙන් සහ සම්පත් වලින් සහාය වේ.
"කාන්තා සේවාදායකයින් 100,000 කට අධික සංඛ්‍යාවක් වෙත ළඟා වීම හුදෙක් සංඛ්‍යාවක් පමණක් ම නොවේ - එය ශක්තිමත් සහ අර්ථවත් ප්‍රකාශයකි, DFCC ආලෝකා යනු ඉලක්ක කරා ළඟාවීම සහ සිහින සැබෑ කර ගැනීමයි. එය කාන්තාවන් තේරුම් ගන්නා, ඔවුන්ගේ අභිලාෂයන්ට සහාය වන සහ ඔවුන් නිර්භීත පියවරයන් ඉදිරියට තබන විට ඔවුන් සමඟ සමීප වූ මූල්‍ය පද්ධතියක් නිර්මාණය කිරීම අරමුණු කර ගත්තකි. එම ගමනේ කොටසක් වීමට ලැබීම පිළිබඳ අපි ඉමහත් ආඩම්බරයට පත්වෙමු." යනුවෙන් DFCC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී තිමල් පෙරේරා පැවසී ය.
DFCC ආලෝකා හී ධනාත්මක බලපෑම දිවයින පුරා, ග්‍රාමීය ප්‍රජාවන්ගේ සිට නාගරික ප්‍රජාව දක්වා ව්‍යාප්ත වී ඇත. DFCC ආලෝකා කාන්තා ව්‍යවසායකයින්ගේ සංසදය, දිවයින පුරා මූල්‍ය අධ්‍යාපනික වැඩසටහන් සහ කෘෂිකර්මාන්තය, යහපැවැත්ම, අධ්‍යාපනය සහ ඩිජිටල් වාණිජ්‍යය යන අංශවලට විශේෂිත වූ ප්‍රවේශය වැනි මුලපිරීම් හරහා, DFCC බැංකුව කාන්තාවන්ට ප්‍රවේශය ලබා දීම පමණක් නොව ඔවුන්ට එහි නියෝජ්‍යත්වය ලබා ගැනීමට ද උපකාරී වේ. කාන්තා කර්මාන්ත හා වාණිජ මණ්ඩලය (WCIC), Uber ශ්‍රී ලංකා, Amrak වෛද්‍ය විද්‍යා ආයතනය, සිද්ධාලේප, Academy of Design (AOD), Web Alliance සහ Institute of Hairdressers and Beauticians (IHB) වැනි සංවිධාන සමඟ උපායමාර්ගික හවුල්කාරිත්වයන්, DFCC ආලෝකා හී ප්‍රවේශය සහ අදාළත්වය පුළුල් කරමින් ප්‍රායෝගික සහ වඩා අර්ථවත් ආකාරයන්ගෙන් ජීවිතවලට බලපෑම් කිරීමට ඉඩ සලසයි. WCIC සමඟ ඇතිකරගත් සහයෝගීතාවය හරහා, DFCC ආලෝකා, කාන්තාවන් විසින් මෙහෙයවනු ලබන ව්‍යාපාරවලට ජාතික පිළිගැනීමක් ලබා ගැනීමට සහාය වෙමින් සහ අංශ-නිශ්චිත මූල්‍ය සහ මූල්‍ය නොවන සහාය ලබා දීමෙන් එම ව්‍යවසායයන් අඛණ්ඩ ව ප්‍රවර්ධනය කිරීම උදෙසා සහාය සපයයි. මේ අතර, Uber Sri Lanka සමඟ ඇතිකරගත් උපායමාර්ගික හවුල්කාරීත්වය, ක්‍රමවත් නොවූ ඉපැයීම් රටාවන්ගේ සිට විශ්වසනීය ව්‍යවසායන් දක්වා සංවර්ධනය වීම උදෙසා කාන්තාවන් සවි බලගන්වන මූල්‍ය මෙවලම්, ඩිජිටල් ගෙවීම් විකල්ප සහ පුහුණු සහාය ලබා දෙමින්, කෙටි කාලීන ආර්ථිකය තුළ කාන්තාවන් මුහුණ දෙන විශේෂ අභියෝග සඳහා විසඳුම් සපයයි.
සමස්තයක් වශයෙන්, මෙම හවුල්කාරිත්වයන් හරහා සමාන ආර්ථික ප්‍රගතියක් ඇති කිරීමට සහ ශ්‍රී ලංකාව පුරා කාන්තාවන්ගේ ජීවිතවල සැලකිය යුතු වෙනසක් ඇති කිරීම උදෙසා DFCC ආලෝකා හි උපායමාර්ගික ප්‍රවේශය නිරූපණය කරයි.
දිවයින පුරා විහිදුණු ශාඛා ජාලයක් සහ සමානාත්මතාවය මත මුල් බැසගත් විශ්වාසයක් සමඟින්, සෑම ශ්‍රී ලාංකික කාන්තාවකටම තමන්ගේම ආකාරයෙන් සාර්ථක වීමට අවශ්‍ය සම්පත්, විශ්වාසය සහ සහයෝගය සහිත අනාගතයක් ගොඩනැගීමට DFCC බැංකුව කැපවී සිටී.
DFCC ආලෝකා පසු කළ මෙම වැදගත් සන්ධිස්ථානය සමඟින් වඩා විශාල බලපෑමක් ඇති කිරීම, එහි ප්‍රවේශය පුළුල් කිරීම මෙන් ම ශ්‍රී ලංකාව තුළ කාන්තාවන් බැංකුකරණය අත්විඳින ආකාරය වෙනස් කිරීම ඔස්සේ ගොඩනැඟෙන ඉදිරි මඟ ඉතා පැහැදිලි ය.
වැඩිදුර තොරතුරු සඳහා, පිවිසෙන්න: www.dfcc.Ik/aloka | අමතන්න: 011 2 350 000