අගලවත්තේ අයිතිය මැක්වුඩ්ස් විකුණයි

    July, 14, 2016

    අගලවත්ත වැවිලි සමාගමේ ප්‍රධාන කොටස්කරුවා වූ මැක්වුඩ්ස් ප්ලාන්ටේෂන්ස් (පුද්) සමාගම සිය කොටස් හිමිකාරීත්වය මුළුමනින්ම විකුණා දැමීමට අද (14) දිනයේ දී පියවර ගනු ලැබීය.

    මෙහිදී මැක්වුඩ්ස් ප්ලාන්ටේෂන්ස් සතු වූ මිලියන 15.2 ක කොටස් ප්‍රමාණයක් රු.20.00 බැගින් අලවෙි කිරීමට පියවර ගන්නා ලදී.

    මෙය අගලවත්ත වැවිලි සමාගමේ කොටස් ප්‍රාග්ධනයෙන් 60.80% ක ප්‍රමාණයකි. රුපියල් මිලියන 304 කට මෙම ගනුදෙනුව සිදුව තිබේ.

    Video Story

    Stock Market

    Exchange Rates