City of Dreams විවෘත කිරීමට ෂාරුක්ගේ පැමිණීම නිල වශයෙන් නිවේදනය කරයි

    July, 2, 2025

    සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් සහභාගී වන City of Dreams Sri Lanka විවෘත කිරීම අති උත්කර්ෂවත් ලෙස කොළඹදී

    2025 අගෝස්තු 2 වනදා කොළඹදී අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වෙන City of Dreams Sri Lanka හි විවෘත කිරීමේ උත්සවයේ විශේෂ ආරාධිත අමුත්තා ලෙස බොලිවුඩ් හි කිං ඛාන් ලෙස හැඳින්වෙන සුපිරි නළු ෂාරුක් ඛාන් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

    බොලිවුඩ් සිනමාවේ සම්මාන රැසකින් පිදුම් ලබා සිටින “කිං ඛාන්” ලෙස ජනාදරයට පත් සුපිරි නළු ෂාරුක් ඛාන්ගේ සම්ප්‍රාප්තිය මෙම අති උත්කර්ෂවත් විවෘත කිරීමේ උත්සවයට තවත් සුවිශේෂීත්වයක් එක් කරනු නිසැකය. ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් (JKH) සහ මෙල්කෝ රිසෝර්ට්ස් ඇන්ඩ් එන්ටර්ටේන්මන්ට් අතර හවුල්කාරීත්වයේ සුවිශේෂී ව්‍යාපෘතියක් වන City of Dreams Sri Lanka යනු සියලු පහසුකම්වලින් සමන්විත දකුණු ආසියාවේ පළමු පූර්ණ ඒකාබද්ධ සංචාරක හෝටල් සංකීර්ණයයි.

    2025 වසරේ දකුණු ආසියානු කලාපයේ වඩාත්ම ආකර්ෂණීය උත්සවය වනු ඇතැයි අපේක්ෂා කරන මෙම අති උත්කර්ෂවත් විවෘත කිරීමේ උත්සවයට සමගාමීව මෙම සුඛෝපභෝගී සංචාරක හෝටල් සංකීර්ණයේ නව සන්නාම ව්‍යාපාරය වන "Let's Go, Let Go" ද නිල වශයෙන් දියත් කිරීමට නියමිතය. තවද මෙය සුඛෝපභෝගී සහ විනෝදාස්වාදයේ නව පරිච්ඡේදයක ආරම්භය සනිටුහන් කරමින් විවිධ රසවත් හා ප්‍රණීත ආහාරපාන වර්ග, නවීන පන්නයේ හෝටල් කාමර, විශේෂ විවේක හා සුවතා සේවා, සුපිරි සාප්පු සවාරි අත්දැකීම් ඇතුළු ව්‍යාපාරික උත්සව සහ සම්මන්ත්‍රණ සඳහා විශාල ඉඩකඩ පහසුකම් ආදී සුවිශේෂී අත්දැකීම් ලබා දෙනු ඇත.

    City of Dreams Sri Lanka මෙල්කෝ රිසෝර්ට්ස් සහ එන්ටර්ටේන්මන්ට් විසින් කළමනාකරණය කරනු ලබන ජාත්‍යන්තර ප්‍රමිතියෙන් හා සියලු පහසුකම්වලින් සමන්විත කැසිනෝ ශාලාවකින් ද සමන්විත වේ. මීට අමතරව එය මෙල්කෝ හි සුඛෝපභෝගී Nüwa හෝටල් සන්නාමය හඳුන්වා දෙමින් කොළඹ නගරයේ වර්ධනය වන හෝටල් සහ සංචාරක ක්ෂේත්‍රයට සුවිශේෂී වටිනාකමක් එක් කරනු ඇත.

    කොළඹ නගරයට නව පරිච්ඡේදයක්

    ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ හදවත බඳු කොළඹ නගරයේ අංක 01, විනිසුරු අක්බාර් මාවතේ පිහිටා ඇති City of Dreams Sri Lanka යනු ලෝක ප්‍රකට ගෘහ නිර්මාණ ශිල්පී සිසිල් බාමන්ඩ් විසින් නිර්මාණය කරන ලද වර්ග අඩි මිලියන 4.5 ක සුඛෝපභෝගී සංචාරක හෝටල් සංකීර්ණයකි. මෙමගින් සම්භාව්‍ය ගෘහ නිර්මාණ ශිල්පය, උසස් තත්ත්වයේ සත්කාරක සේවාව මෙන්ම සුවපහසුව සහ සුඛෝපභෝගීත්වය එකට එක් කර අමුත්තන්ට අද්විතීය සහ ඉහළ මට්ටමේ ආගන්තුක සත්කාර සහ විනෝදාස්වාද අත්දැකීමක් ලබා දෙයි.

    තවද මෙම සුඛෝපභෝගී සංචාරක හෝටල් සංකීර්ණයට සුපිරි හෝටල් කාමර 800 කට වැඩි සංඛ්‍යාවක්, විවේක හා සුවතා පහසුකම්, සුපිරි සාප්පු සවාරි අත්දැකීම් සහ විවිධ රසවත් හා ප්‍රණීත ආහාරපාන ද ඇතුළත් වේ.

    ව්‍යාපාර සහ සුඛෝපභෝගී ජීවන රටාව එකට එක්වූ අද්විතීය අත්දැකීමක්

    විනෝදාස්වාදයට අමතරව ශ්‍රී ලංකාව දකුණු ආසියානු කලාපයේ ව්‍යාපාරික කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීම City of Dreams Sri Lanka හි අරමුණයි. මෙය විශේෂ ශ්‍රී ලාංකික කලා කෘති මෙන්ම නවීන, උසස් තත්ත්වයේ පහසුකම් සහ විශේෂයෙන් නිර්මාණය කරන ලද උත්සව ශාලා ඇතුළුව ව්‍යාපාරික උත්සව, රැස්වීම් සහ සම්මන්ත්‍රණ සඳහා කලාපයේ විශාලතම සහ වඩාත්ම දියුණු ඉඩකඩ පහසුකම්වලින් ද සමන්විතය.

    “Let’s Go, Let Go” තේමාව

    මෙම විවෘත කිරීමේ උත්සවයට සමගාමීව City of Dreams Sri Lanka සිය ප්‍රධාන තේමාව වන “Let’s Go, Let Go” ප්‍රචාරණ ව්‍යාපාරය ද නිල වශයෙන් හඳුන්වා දීමට නියමිතය. මෙමගින් ජනතාවට ඔවුන්ගේ සාමාන්‍ය, එදිනෙදා ජීවිතයෙන් විවේකයක් ගෙන City of Dreams Sri Lanka හි සුවිශේෂී, සුඛෝපභෝගී සහ වෙනස් අත්දැකීමක් විඳගැනීමට ඔවුන් ආරාධනා කරයි. මෙහි විශේෂ ආරාධිතයෙකු ලෙස සහභාගී වීමට නියමිත සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් මෙම සුවිශේෂී රාත්‍රිය ඔබට අමතක නොවන එකක් බවට පත් කරන බව නිසැකය.

    The Countdown Begins!

    තවත් සති කිහිපයකින් අති උත්කර්ෂවත් ලෙස කොළඹදී විවෘත කෙරෙන දකුණු ආසියානු කලාපයේ ඉතා ආකර්ෂණීයවූත් අද්විතීයවූත් සංචාරක හෝටල් සංකීර්ණය වන City of Dreams Sri Lanka සුවිශේෂී අත්දැකීම විඳගැනීමට ජනතාව මහත් උද්යෝගයෙන් බලා සිටී- එපමණක් නොව බොලිවුඩයේ රජු ලෙස සැලකෙන සුපිරි නළු ෂාරුක් ඛාන්ගේ පැමිණීම මෙම අවස්ථාව අමතක නොවන ජීවමාන අත්දැකීමක් බවට පත් කරනු නොඅනුමානය.

    2025 වසරේ දකුණු ආසියාවේ වඩාත් ආකර්ෂණීය උත්සවයේ විශේෂ තොරතුරු සහ ආරාධානාවන් පිළිබඳ විස්තර ඉක්මනින් දැනුම් දෙනු ඇත.

    කොළඹ නගරයේ මින් පෙර නොදුටු සුවිශේෂී අත්දැකීමක් විඳගන්න අගෝස්තු 2 වනදාට ඔබත් සූදානම් වන්න.