නෙස්ලේ ලංකා පාසල් දරුවන් අතර වගකිවයුතු අපද්‍රව්‍ය කළමනාකරණය ඉහළ නංවයි

    July, 2, 2025

    අධ්‍යාපන අමාත්‍යාංශය සහ මධ්‍යම පරිසර අධිකාරිය සමඟ එක්ව 2025 පාසල් චිත්‍ර තරඟය සාර්ථකව අවසන් කරයි

    නෙස්ලේ ලංකා සමාගම, අධ්‍යාපන අමාත්‍යාංශය සහ මධ්‍යම පරිසර අධිකාරිය සමඟ එක්ව ලෝක පරිසර දිනය නිමිත්තෙන් සංවිධානය කළ 2025 ‘සිසු නෙතින් දකින සුවදායී පරිසරය’  පාසල් චිත්‍ර තරඟය පසුගියදා ඉතා සාර්ථකව අවසන් විය. අනාගත පරපුර තුළ වගකිවයුතු අපද්‍රව්‍ය බැහැර කිරීම පිළිබඳ අවබෝධය ඉහළ නැංවීම සඳහා වන පාසල් අපද්‍රව්‍ය කළමනාකරණ වැඩසටහනෙහි එක් පියවරක් ලෙස හඳුන්වා දිය හැකි මෙම චිත්‍ර තරඟය සඳහා දිවයින පුරා පාසල් 800කට අධික සංඛ්‍යාවක් නියෝජනය කරමින් සිසු සිසුවියන් 400,000ක පමණ පිරිසක් එක්වූහ.

    එම චිත්‍ර තරඟය තුළින් තෝරාගත් ජයග්‍රාහකයින් වෙත ත්‍යාග සහ සහතිකපත් බෙදා දීමේ උත්සවය පසුගිය ජූනි 25 වන දින කෝට්ටේ ජනාධිපති විද්‍යාලයේදී පැවැත්විණ. එම අවස්ථාව සඳහා පරිසර නියෝජ්‍ය අමාත්‍ය ගරු ඇන්ටන් ජයකොඩි, මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති, මහාචාර්ය තිලක් හේවාවසම්, නෙස්ලේ ලංකා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ බර්නි ස්ටෙෆන් යන මහත්වරුන් මෙන්ම හවුල්කාර ආයතන නියෝජිතයින් සහ කෝට්ටේ ජනාධිපති විද්‍යාලයේ විදුහල්පතිනි භාග්‍යා රූපසිංහ මහත්මිය ඇතුලු පිරිසක් සහභාගී වූහ.

    මෙහිදී අදහස් දැක්වූ පරිසර නියෝජ්‍ය අමාත්‍ය ගරු ඇන්ටන් ජයකොඩි මහතා “ළමා කාලයේ සිටම වගකිවයුතු අපද්‍රව්‍ය කළමනාකරණය වෙනුවෙන් දරුවන් උනන්දු කරවීම සඳහා සිදු කරන ප්‍රශංසනීය වැඩසටහනක් ලෙස මෙම පාසල් චිත්‍ර තරඟය පෙන්වා දිය හැකියි. ළමා මනසට  නිර්මාණශීලීත්වය එක් කිරීම තුලින් ඒ පිළිබඳ අවබෝධය ඉහළ යනවා පමණක් නොව පාරිසරික සුරක්ෂිතතාවයේ වටිනාකම්ද නිර්මාණය කරනවා. පාසල් දරුවන්ගේ හැසිරීම් තුළ ධනාත්මක වෙනසක් ඇති කිරීම සඳහා සුවිසල් කාර්ය භාරයක් ඉටු කරන මෙම වැඩසටහන තුලින්, පිරිසිදු ශ්‍රී ලංකාවක් පිළිබඳව අපගේ දැක්මට නෙස්ලේ සමාගම සක්‍රීයව සහය දැක්වීම පිළිබඳව ඉතාමත් සතුටට පත් වෙනවා ” යනුවෙන් පැවසීය.

    මෙම අවස්ථාවට එක් වූ නෙස්ලේ ලංකා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ බර්නි ස්ටෙෆන් මහතා සඳහන් කර සිටියේ “අපද්‍රව්‍යවලින් තොර අනාගතයක් නිර්මාණය කිරීම සඳහා වන අපගේ ප්‍රයත්නයෙහි තවත් එක් පියවරක් ලෙස මෙම පාසල් අපද්‍රව්‍ය කළමනාකරණ වැඩසටහන හඳුන්වා දිය හැකිය. වගකිවයුතු අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳව පාසල් දරුවන් දැනුවත් කිරීම, අපද්‍රව්‍ය වෙන් කිරීමේ හා එකතුකිරීමේ ක්‍රමයන් ශක්තිමත් කිරීම සඳහා වැදගත් කාර්ය භාරයක් ඉටු කරනවා. එමෙන්ම එය කුඩා කළ සිටම දරුවන්ගේ ධනාත්මක හැසිරීම්හි වෙනසක් ඇති කිරීමටද ඊට හැකියාව ලැබෙනවා. මෙම වැඩසටහන තුළින් අපගේ ඇසුරුම් හරහා පරිසරයට මුදා හරින අපද්‍රව්‍යයන්ට සමාන ප්ලාස්ටික් ප්‍රමාණයක් නැවත ලබා ගනිමින් 100%ක් ප්ලාස්ටික්වලින් තොර පරිසර පද්ධතියක් නිර්මාණය කිරීම සඳහා අපි කැපවී කටයුතු කරනවා. එසේම පාසල් දරුවන්ගේ නිර්මාණාත්මක හැකියාවන් ප්‍රදර්ශනය කිරීම සඳහා අවස්ථාවක් ලබා දීමට මෙන්ම පිරිසිදු පරිසරයක් හා හෙට දවසක් වෙනුවෙන් දායක වීමේ වැදගත්කම තව දුරටත් ශක්තිමත් කිරීම සඳහා චිත්‍ර තරඟයක් සංවිධානය කිරීමට හැකි වීම පිළිබඳව ඉතාමත් සතුටට පත් වෙනවා. ඒ සඳහා සහභාගී වූ සියලු දෙනාටත්, ඉන් ජයග්‍රහණය කළ සියලු දෙනාටත් මේ මොහොතේ මගේ හෘදයාංගම සුබ පැතුම් එක් කිරීමට කැමතියි ” යනුවෙනි.

    මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය තිලක් හේවාවසම් මහතා මෙහිදී මෙසේ පවසා සිටින ලදී. “දිවයින පුරා විසිරී සිටින දක්ෂ ළමා කලාකරුවන් රැසකගේ සහභාගීත්වය මෙම පාසල් චිත්‍ර තරඟය තුළදී දැකගන්නට ලැබීම පිළිබඳව ඉතාමත් සතුටුයි. ප්ලාස්ටික් පරිසරයට එකතු වීම විශාල පරිසර අභියෝගයක් බවට පත්ව තිබෙන කාල වකවානුවක පාසල් දරුවන් සහභාගී කර ගැනීමට මෙන්ම ඔවුන්ය සවිබල ගැන්වීමට මෙම වැඩසටහන විශාල අවස්ථාවක් වනවා. ඔවුන් සතු නිර්මාණශීලීත්වය ප්‍රදර්ශනය කිරීමේ හැකියාව ලබා දීම තුලින් වගකිව යුතු අපද්‍රව්‍ය බැහැර කිරීම පිළිබඳ අවබෝධය ඇති කිරීමට පමණක් නොව තිරසාරත්වය අගය කරන පරපුරක් නිර්මාණය කිරීමටද අපි කටයුතු කරනවා. මෙම සුවිශේෂී වැඩසටහන වෙනුවෙන් නෙස්ලේ ලංකා ආයතනය සමඟ එක්වීමට ලැබීම පිළිබඳවත් ඉතාමත් සතුටුයි.”

    අංශ 2ක් යටතේ පැවති චිත්‍ර තරඟයේ ජයග්‍රාහකයින් පහත දැක්වේ.

    කණිෂ්ඨ අංශය - පළමු ස්ථානය - ඩී.එම්. ආදිත්‍ය ඉඳුරංග සෙනරත්, දුටුගැමුණු මහා විද්‍යාලය - පොතුහැර, දෙවන ස්ථානය - ඒ.ජී. ජයමිණි සංකල්පනා දිසානායක, ආනන්ද බාලිකා විද්‍යාලය - පොලොන්නරුව ,  තෙවන ස්ථානය - ඩී. ජේ.  සෞම්‍යා හර්ශි කුමාරි, මාතලේ සිද්ධාර්ථ මහා විද්‍යාලය - නාගොල්ල.

    ජ්‍යෙෂ්ඨ අංශය - පළමු ස්ථානය - ඩබ්ලියු. එම්. එස්. යෙහානි වීරසිංහ, කෑගල්ල බාලිකා විද්‍යාලය,  දෙවන ස්ථානය - කේ. ශෂිනි පබසරා , ආනන්ද බාලිකා විද්‍යාලය - පොලොන්නරුව ,  තෙවන ස්ථානය - කේ. කේ.  සත්මි තරුමිලා චන්ද්‍රසේකර ,ෆර්ගසන් උසස් බාලිකා විද්‍යාලය  - රත්නපුර.

    අද මෙන්ම ඉදිරි පරම්පරාවේත් ජීවන තත්වය ඉහළ නැංවීම වෙනුවෙන් ආහාරයන් සතු හැකියාව විදහා දැක්වීමේ අරමුණින් දරුවන්ගේ සිට මහලු විය දක්වා ශ්‍රී ලංකාවේ පවුල් පරම්පරාවන් වෙත ඉහළම තත්වයේ පෝෂණීය ආහාර පාන ලබා දීමට නෙස්ලේ කටයුතු කර ඇත. 1906 වසරේදී මෙරට මෙහෙයුම් ආරම්භ කළ නෙස්ලේ සමාගම අදවන විට ශ්‍රී ලාංකේය ජීවන රටාවේ අත්‍යාවශ්‍ය අංගයක් බවට පත්ව ඇත. මෙරට කිරි හා පොල් ගොවීන් මෙන්ම වෙනත් ගොවීන් 18,000කට වැඩි පිරිසකගේ ජීවනෝපාය ශක්තිමත් කිරීමට කැපවී සිටින නෙස්ලේ 700කට වැඩි පිරිසක් වෙත ඍජු රැකියා අවස්ථා උදා කර දී ඇත. ඔවුන් විසින් මෙරට අලෙවි කරනු ලබන නිෂ්පාදනයන්ගෙන් 90%කට වැඩි ප්‍රමාණයක් කුරුණෑගල පිහිටි නවීනතම කර්මාන්තශාලාවේදී දැඩි ආරක්ෂණ හා තත්ව ප්‍රමිතීන්ට අනුව දේශීයව නිෂ්පාදනය කිරීමද විශේෂත්වයකි.

    ජ්‍යෙෂ්ඨ අංශයේ ජයග්‍රාහකයෝ - සුජීවා පෙරේරා මිය, ජ්‍යෙෂ්ඨ පරිසර නිලධාරී- මධ්‍යම පරිසර අධිකාරිය, භාග්‍යා රූපසිංහ මහත්මිය, විදුහල්පතිනි - කෝට්ටේ ජනාධිපති විද්‍යාලය, ශාමිනි පෙරියප්පෙරුම මහත්මිය - අපද්‍රව්‍ය කළමනාකරණය පිලිබඳ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, මධ්‍යම පරිසර අධිකාරිය, බර්නි ස්ටෙෆන් මහතා, කළමනාකාර අධ්‍යක්ෂ - නෙස්ලේ ලංකා, ජ්‍යෙෂ්ඨ අංශයේ සමස්ත ලංකා ජයග්‍රාහකයින්, ගරු ඇන්ටන් ජයකොඩි මහතා - පරිසර නියෝජ්‍ය අමාත්‍ය , මහාචාර්ය තිලක් හේවාවසම් මහතා, සභාපති - මධ්‍යම පරිසර අධිකාරිය , රුවන් වැලිකල මහතා, අධ්‍යක්ෂ - ආයතනික සබඳතා හා සන්නිවේදන - නෙස්ලේ ලංකා, එම්. ශිවකුමාර් මහතා, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් - පරිසර අධ්‍යාපන හා දැනුවත් කිරීම්

     

    ඡායාරූප විස්තරය - කණිෂ්ඨ අංශයේ ජයග්‍රාහකයෝ - සුජීවා පෙරේරා මිය, ජ්‍යෙෂ්ඨ පරිසර නිලධාරී- මධ්‍යම පරිසර අධිකාරිය, භාග්‍යා රූපසිංහ මහත්මිය, විදුහල්පතිනි - කෝට්ටේ ජනාධිපති විද්‍යාලය, ශාමිනි පෙරියප්පෙරුම මහත්මිය - අපද්‍රව්‍ය කළමනාකරණය පිලිබඳ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, මධ්‍යම පරිසර අධිකාරිය, බර්නි ස්ටෙෆන් මහතා, කළමනාකාර අධ්‍යක්ෂ - නෙස්ලේ ලංකා, කණිෂ්ඨ අංශයේ සමස්ත ලංකා ජයග්‍රාහකයින්, ගරු ඇන්ටන් ජයකොඩි මහතා - පරිසර නියෝජ්‍ය අමාත්‍ය , මහාචාර්ය තිලක් හේවාවසම් මහතා, සභාපති - මධ්‍යම පරිසර අධිකාරිය , රුවන් වැලිකල මහතා, අධ්‍යක්ෂ - ආයතනික සබඳතා හා සන්නිවේදන - නෙස්ලේ ලංකා, එම්. ශිවකුමාර් මහතා, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් - පරිසර අධ්‍යාපන හා දැනුවත් කිරීම්.