July, 7, 2025
2025 ඔක්තෝබර් 01 දින සිට ශ්රී ලංකාව තුළ සිදුකෙරෙන ඩිජිටල් සේවාවන් සඳහා එකතු කළ අගය මත බදු (VAT) අයකිරීමට තීරණය කර ඇත.
2025 අංක 04 දරන එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත ප්රකාරව මෙලෙස ඩිජිටල් සේවාවන් සඳහා VAT බදු අයකෙරන අතර දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් 2025 ජූලි 01 දින පළ කරන ලද අංක 2443/30 දරන අතිවිශේෂ ගැසට් පත්රය මගින් මෙම නව ඩිජිටල් සේවා බදු සම්බන්ධයෙන් මාර්ගෝපදේශයන් පළ කර තිබේ.
ශ්රී ලංකාවේ පුද්ගලයෙකු හට විද්යුත් වේදිකාවක් හරහා සේවාවන් සපයන අනේවාසික තැනැත්තන් මෙම ඩිජිටල් සේවා සඳහා බදු ගෙවීමට යටත්වනු ඇත. එහිදී වැට් බදු සඳහා පසුගිය මාස 12ක කාලය තුළ දී රු. මිලියන 60 ඉක්මවූ සේවාවන් සපයා ඇති හෝ අවසාන කාර්තුව තුළ දී රු. මිලියන 15 ක් ඉක්මවා සේවාවන් සපයා ඇති අයවළුන් ලියාපදිංචි වීම අනිවාර්ය වනු ඇත.
පහත සඳහන් ක්ෂේත්රයන් මෙම ඩිජිටල් සේවා ගණයට වැටෙනු ඇත.
මේ අනුව ඉහත සඳහන් ඩිජිටල් සේවාවන් සැපයීම, 2025 ඔක්තෝබර් 01 දින සිට 18% ක වැට් බදු අනුපාතිකයකට යටත් වනු ඇත.
Video Story