July, 7, 2025
කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශක වල පහළ යාමක් අද (07) දක්නට ලැබුණි.
ඒ අනුව දිනයේ ගණුදෙනු අවසානයේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 106.14කින් පහළ ගොස් ඒකක 18,042.20ක් ලෙසින් වාර්තා වූ අතර S&P SL20 දර්ශකය ඒකක 26.04කින් පහළ ගොස් ඒකක 5,339.99ක් ලෙසින් සටහන්ව තිබුණි.
අද සියලු කොටස් මිල දර්ශකයේ කඩාවැටීමට මෙල්ස්ටාකෝප්, HNB, කොමර්ෂල් බැංකුව, එයිට්කන් ස්පෙන්ස් සහ NDB යන සමාගම් ඇතුළුව සමාගම් 136ක කොටස් මිල පහළ යාම් හේතු වී තිබුණි.
අද ගනුදෙනු පිරිවැටුම රු. බිලියන 2.41ක් ලෙසින් වාර්තා වූ අතර එහිදී දේශීය මිල දී ගැනීම් රු. බිලියන 2.33ක් හා දේශීය විකිණුම් රු. බිලියන 2.40 ක් ලෙසින් සටහන් වී තිබුණි.
මේ අතර විදේශීය මිල දී ගැනීම් රු. මිලියන 89ක් හා විදේශීය විකිණුම් රු. මිලියන 19ක් ලෙසින් දිනය තුළ සටහන්ව ඇත.
Video Story