July, 8, 2025
රේඛීය අමාත්‍යංශ මඟින් ක්‍රියාත්මක කරනු ලබන මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘතීන්හි 2025 වර්ෂයේ පළමු කාර්තුව අවසන් වන විට මූල්‍ය හා භෞතික ප්‍රගතිය පිළිබඳව අදාළ අමාත්‍යාංශ විසින් ඉදිරිපත් කරන ලද කාර්යසාධන දත්ත හා තොරතුරු සමාලෝචනය කර, ව්‍යාපෘති කළමනාකරණ හා අධීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘතී පිළිබඳ කාර්යසාධන වාර්තාව ඉදිරිපත් කරනු ලැබ තිබේ.
එකී වාර්තාව අනුව, 2025 පළමු කාර්තුව අවසන් වන විට, අලුතින් එකතු වූ ව්‍යාපෘති 21ක් සමඟ මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති 205ක් ක්‍රියාත්මක වෙමින් පවතී.
එසේම, 2025 වර්ෂයේ පළමු කාර්තුවට පෙර නිම කිරීමට නියමිතව තිබූ ව්‍යාපෘති 74 ද ඇතුළුව ව්‍යාපෘති 145ක් 2025 වර්ෂයේ ද ව්‍යාපෘති 24ක් 2026 වර්ෂයේ ද ව්‍යාපෘති 19ක් 2027 වර්ෂයේ ද ව්‍යාපෘති 09ක් 2028 වර්ෂයේ ද නිම කිරීමට අපේක්ෂා කරනු ලබයි.
ඒ අනුව, එකී ව්‍යාපෘති ඉලක්කගත කාලසීමාවන් තුළදී නිම කිරීම සඳහා අදාළ සියලුම අමාත්‍යාංශ සහ අනෙකුත් බලධාරින් විසින් අවශ්‍ය පියවර ගැනීම පිණිස මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
Video Story