July, 8, 2025
කොළඹ දකුණු වරාය ව්‍යාපෘතිය - නැගෙනහිර බහළු පර්යන්තය සහ බටහිර බහළු පර්යන්තය සංවර්ධනය කිරීම සඳහා 2021‑02‑01 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත.
නැගෙනහිර බහළු පර්යන්තය මෙහෙයුම් කිරීම සහ කළමනාකරණය කිරීම සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ පූර්ණ හිමිකම් සහිත සීමිත වගකීම් සහිත සමාගමක් සංස්ථාපනය කිරීමට ශ්‍රී ලංකා වරාය අධිකාරියේ අධ්යක්ෂ මණ්ඩල රැස්වීමේදී තීරණය කර තිබේ.
එමඟින්, උපරිම ආර්ථික වාසි ලබා ගැනීමටත්, මෙහෙයුම් කාර්යක්ෂමතාව ළඟා කර ගැනීමටත් අනෙකුත් පෞද්ගලික පර්යන්ත මෙහෙයුම්කරුවන් සමඟ තරග කිරීමටත් හැකියාව ලැබෙනු ඇත.
ඒ අනුව, "සීමාසහිත කොළඹ නැගෙනහිර බහළු පර්යන්තය (පුද්ගලික) සමාගම" නමින් සමාගමක් ස්ථාපිත කිරීම පිණිස ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
Video Story