July, 8, 2025
ශ්රී ලංකා මහ බැංකුවේ රාජ්ය ණය දෙපාර්තමේන්තුව විසින් අද (08) දින කැඳවන ලද භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී පොලී අනුපාතිකවල ඉහළ යාමක් වාර්තා වී තිබේ.
එහිදී දින 91 බිල්පත් පොලිය 7.55% සිට 7.60% ක් දක්වා පදනම් අංක 5කින්, දින 182 බිල්පත් පොලිය 7.78% සිට 7.84% ක් දක්වා පදනම් අංක 6කින් සහ දින 364 බිල්පත් පොලිය 7.94% සිට 7.99% ක් දක්වා පදනම් අංක 5ක් ලෙසින් වන පරිදි ඉහළ ගොස් ඇත.
අද වෙන්දේසිය සඳහා රු. මිලියන 72,500ක භාණ්ඩාගාර බිල්පත් ප්රමාණයක් වෙන්දේසිය සඳහා ඉදිරිපත් කර තිබුණු අතර රු. මිලියන 124,912ක ලංසු ප්රමාණයක් ඊට ලැබී තිබුණි.
ඒ අතුරින් රු. මිලියන 66,512ක ලංසු අනුමත කිරීමට ශ්රී ලංකා මහ බැංකුවේ රාජ්ය ණය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

Video Story