July, 8, 2025
කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත දේපළ කළමනාකරණ හා සංවර්ධන සමාගමක් වන EAST WEST PROPERTIES PLC හි බහුතර කොටස් හිමිකාරීත්වය අත්පත් කර ගැනීමට ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා අද (08) දින කටයුතු කළේය.
එහිදී EAST WEST PROPERTIES හි කොටස් මිලියන 106.99ක් එක කොටසක් රු. 30.20 බැගින් හුවමාරු වී තිබේ.
මෙය සමාගමේ කොටස් ප්‍රකාශිත කොටස් ප්‍රාග්ධනයෙන් 77.40% ක ප්රමාණයකි.
මෙරට ප්රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙකු වන නහීල් විජේසූරිය මහතාට සහ ඔහුගේ පවුල් සාමාජිකයින් වෙත EAST WEST PROPERTIES සමාගමේ බහුතර කොටස් හිමිකාරීත්වය බෙදී ගොස් තිබුණු අතර එම කොටස් සියල්ල මෙහිදී හුවමාරු වී ඇති බව වාර්තා වේ.
රු. බිලියන 3.23ක පිරිවැටුමක් මෙම ගනුදෙනුව හරහා වාර්තා වී තිබුණි.
Video Story