පිටරට රැකියාවක් බලාපොරොත්තු වන මාතර ඔබට කදිම අවස්ථාවක්

    July, 14, 2025

    ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මගපෙන්වීම යටතේ 2025.07.19 වන දින පෙ.ව 9.00ට මාතර සාන්ත සර්වේශස් විද්‍යාලයේ දී බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිත ආයතන රැසකගේ සහභාගීත්වයෙන් විදේශ රැකියා පොළ වැඩසටහනක් පැවැත්වීමට කටයුතු සැලසුම් කර ඇත.

    එහි දී විදේශ රැකියාවකට නිවැරදි මාවත දැන ගැනීමට අවස්ථාව හිමි වන අතර ඔබ සතුව ඇති අධ්‍යාපන සුදුසුකම්, වෘත්තීය සුදුසුකම් හා සේවා පළපුරුද්ද පිළිබඳ සහතිකපත් එදිනට රැගෙන පැමිණෙන ලෙස විදේශ සේවා නියුක්ති කාර්යාංශ මෙහි දී ඉල්ලීමක් කරයි.

    මේ සඳහා වෘත්තීය සහයෝගය ලබා දෙන්නේ TVEC, VTA, NAITA, SLITHM යන ආයතනයි.

    ඉදිරියේ දී මෙම විදේශ රැකියා පොළ අගෝස්තු, සැප්තැම්බර්, ඔක්තෝම්බර් සහ නොවැම්බර් යන මාස වල දී පිළිවෙලින් ගම්පහ, ත්‍රිකුණාමලය, අම්පාර සහ රත්නපුර යන නගර මූලික කර ගනිමින් පැවැත්වීමට කටයුතු සැලසුම් කර ඇත.